හොඳම වාණිජ වෙබ් අඩවියට හිමි රන් සම්මානයෙන් Cosmetics.lk සමාගම පිදුම් ලබයි

0
16

දශකයකට අධික කාලයක් රූපලාවණ්‍ය සහ ඔෟෂධීය නිෂ්පාදන ඔස්සේ ශ්‍රී ලංකාව පුරා සිය නාමය සනිටුහන් කළ Cosmetics.lk පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Domain සහ සත්කාරක සපයන්නා වන LK Domain Registry සංවිධානය කළ BestWeb සම්මාන උළෙලේදී, හොඳම අන්තර්ජාල ව්‍යාපාර (වෙළෙඳ) වෙබ් අඩවියට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබීය. නිර්මාණශීලිත්වය, භාවිතයේ පහසුව සහ විශ්වසනීය තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කර ඇති www.cosmetics.lk වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ නිරන්තර අවධානයට සහ පරිශීලනයට ලක් වීම මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රමුඛ හේතුවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන ET Browne Drug සමාගමේ Palmers සන්නාමයෙහි ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා ලෙස LMJ International Lanka සමාගම කටයුතු කරයි. ඔවුන්ගේ අන්තර්ජාල වෙළෙඳ කටයුතු වෙනුවෙන් 2019දී Cosmetics.lk වෙබ් අඩවිය එළිදක්වන ලදී. ලොව ප්‍රමුඛ රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාම 180කට අධික ප්‍රමාණයකට අයත් නිෂ්පාදන 3000කට අධික එකතුවක් Cosmetics.lk අඩවිය සතුය.

 ඔවුන් පාරිභෝගිකයන්ට නිවෙසටම නොමිලයේ කාර්යක්ෂමව ඇණවුම් බෙදා හරින අතර පාරිභෝගිකයන්ට නොමිලයේ රූපලාවණ්‍ය උපදෙස් සැපයීිමට රූපලාවණ්‍ය උපදේශිකාවන්ගෙන් සමන්විත පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක්ද ස්ථාපනය කර ඇත. Cosmetics.lk ප්‍රදර්ශනාගාර තුනක් පැපිලියානේ, කිරිබත්ගොඩ සහ මීගමුවේ විවෘත කර ඇත.

ඔවුන්ගේ පැපිලියාන ප්‍රදර්ශනාගාරයේ රූපලාවණ්‍යාගාරයක්ද පවත්වාගෙන යයි. සෑම පාරිභෝගිකයකු සඳහාම Cosmetics.lk එක් රූපලාවණ්‍ය උපදේශිකාවක වෙන් කිරීම සුවිශේෂත්වයකි. “කෙටි කාලයකින් මෙම රන් සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශාල ජයග්‍රහණයක්. අප කෙරෙහි නිරන්තර විශ්වාසය තැබූ වටිනා පාරිභෝගිකයන්ටත්, කැපවීමෙන් අනූන ආයතන කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ET Browne Drug Company ඇතුළු සැපයුම්කරුවන් සියලු දෙනාටත් මාගේ කෘතඥතාව පළ කරනවා.” Cosmetics.lk සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලසන්ත ගුණවර්ධන මහතා පැවසීය.