සහනදායක විදුලි ගාස්තුවක් ඉල්ලා තෛ්‍රනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

0
5

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මේ වනවිට බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන්, අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යෑම අතිශයින් දුෂ්කර වී ඇති බවත් මෙම දැරිය නොහැකි අධික විදුලි ගාස්තු හේතුවෙන් ආගමික සිද්ධස්ථාන පරිපාලන කටයුතු කරන ආගමික නායකයන්ද දැඩි පීඩනයකට පත්ව සිටින බවත් තෛ්‍රනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පවසති.

මහජන සුබසිද්ධිය අරමුණු කරගත් සාරධර්ම හා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවන් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන සමාජ දායකත්වය පිළිබඳ අවධානය යොමුකර විදුලි ගාස්තු සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලී නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව දන්වමින් තෛ්‍රනිකායික මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (20දා) යොමු කළ ලිපියක මේ බව දක්වා ඇත.

මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඤාණරතන, ශ්‍රී  ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය ‍ෙදාඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී  ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය අස්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.

මහනුවර _ කමල් සුරවීර