ලෝක කුසලානයට අසල්වැසි රටට යන නවසීලන්ත පිලෙන් ජැමීසන් ඉවතට

0
9

එළැඹෙන ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට නියමිත නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

ඒ අනුව නිත්‍ය නායක කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 15කි. එසේම ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ද මෙවර ලෝක කුසලානය සඳහා ඇතුළත්ව ඇති අතර, ඔහු විස්සයි 20 ලෝක කුසලානයකදී නවසීලන්ත සංචිතය නියෝජනය කරන්නේ 7 වැනි වරට වීමද කැපී පෙනේ. 

තවද ෆින් ඇලන් සහ මයිකල් බේ‍රස්වෙල් පළමු වරට ලෝක කුසලානය වෙනුවෙන් නම් කර ඇති නමුත් ආබාධයක් හේතුවෙන් කයිල් ජැමීසන්ට මෙවර ලෝක කුසලානය අහිමිව ගොස් ඇත.

නවසීලන්ත සංචිතය – කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයිකල් බේ‍රස්වෙල්, මාක් චැප්මන්, ඩෙවොන් කෝන්වේ, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, ඇඩම් මිලෙන්, ඩාලි මිචෙල්, ජිමී නීෂම්, ග්ලේන් පිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සවුති.