ලංකා හොස්පිට්ල්ස් වෙතින් ‘මාපිය’ නමින් මාතෘ හා ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක්

0
14

ලංකා හොස්පිට්ල්ස් ‘මාපිය’ නමින් සුවිශේෂ මාතෘ සහ ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක් පසුගියදා නිල වශයෙන් එළිදැක්වීය. ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩලය සහ නාරිවේද හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සුප්‍රසිද්ධ විශේෂඥයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම සන්නාමය නිර්මාණය කර ඇත්තේ ලංකා හොස්පිට්ල්ස්හිදී තම බිලි¾දුන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තු වන මවුපියන්ට පුළුල් පරාසයක අගය එකතු කළ සේවා රැසක් පිරිනැමීම සඳහාය.

‘මාපිය‘ යටතේ ලංකා හොස්පිට්ල්ස්හි ප්‍රසූත සේවා, ළමා රෝග සහ සාඵල්‍යතා මධ්‍යස්ථානවල සේවාලාභීන්ට ප්‍රතිලාභ පිරිනැමේ. ලංකා හොස්ිට්ල්ස්‌ සතු නවීන පහසුකම්, නවීන තාක්‍ෂණික සේවා, නවීන ශල්‍යාගාර පහසුකම් සහ සියලුම පහසුකම්වලින් සපිරි ප්‍රසූතාගාරවලින් සැපයෙන අද්විතීය මාතෘ සහ ළදරු සත්කාර අත්දැකීමට අමතරව මාපිය සන්නාමය යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා අයට වට්ටම්, තෑගි සහ විශේෂ දීමනා රැසක් හිමි වේ. නේවාසික සහ බාහිර පිළිගත් විශේෂඥයන්ගේ සහ මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ විශේෂයෙන් පුහුණුව ලැබූ දක්ෂ, පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවා මාතෘ සහ ළදරු රැකවරණ මධ්‍යස්ථානයෙන් පිරිනැමේ.

මේ යටතේ පිරිනමන සේවාවලට OPD චැනල් කිරීම, ගැබ් ගැනීමට පෙර සහ පසු ගර්භණී සායන, Ultrasound ස්කෑන්, සාඵල්‍යතාවට සහ වෙනත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීම සඳහා වූ සුවිශේෂ පහසුකම් ඇතුළත් වේ. මීට අමතරව, මාතෘ සහ ළදරු සුරැකුම් මධ්‍යස්ථානයේ අලුත උපන් බිලි¾දුන් පිරික්සීමේ වැඩසටහන්, පෝෂණ ඇගයීම්, භෞත චිකිත්සාව, කිරි දීම කළමනාකරණය, එන්නත් සහ අලුත උපන් බිලි¾දුන්ගේ ශ්‍රවණ පරීක්ෂණද සිදු කරයි.

අවශ්‍ය නම් අලුත උපන් බිලිදුන්ගේ දැඩි සත්කාර කටයුතු සඳහා නවීන සහ උසස් පහසුකම් සහිත නව ජන්ම දැඩි සත්කාර ඒකකයක්ද එක්කර තිබේ. සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් සඳහා ලොව කීර්තිමත් පිළිගැනීමක් වන Joint Commission Internationaහි 7 වැනි සහතිකය ප්‍රථමවරට ලද සහ ලොව පිළිගත් Medical Travel Quality Alliance හි පිළිගැනීමට පාත්‍ර වූ මෙරට පළමු රෝහල ලංකා හොස්පිට්ල්ස්ය.

කීර්තිමත් රසායනාගාර ප්‍රමිති ආයතනයක් වන College of AmericanPathologistsහි පිළිගැනීම ලත් එකම ශ්‍රී ලංකා රසායනාගාරය ලංකා හොස්පිට්ල් රසායනාගාරයයි (LHD). මෙම වසරේදී LMD සහ Brand Finance විසින් ලංකා හොස්පිට්ල්ස්  ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට සහ ආදරයට පාත්‍ර වූ සෞඛ්‍ය සේවා සන්නාමය ලෙසද නම් කරන ලදී.