ලංකා බැංකුව දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය උදෙසා ‘BOC නැණ – මිහිර ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

0
24

ශ්‍රී  ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව විසින් සිය ආයතනික හා සමාජීය වගකීම් ඉටු කිරීමේ තවත් එක් පැතිකඩක් ආවරණය කිරීම සඳහා මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්ට ශක්තියක් වීම උ‍ෙදා ‘‘BOC නැණ  මිහිර’ අධ්‍යාපනික රූපවාහිනි වැඩසටහනට අනුග්‍රහය දක්වමින්, එම වැඩසටහන දීපව්‍යාප්ත කිරීම ආරම්භ කෙරිණි.

5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් හා ඔවුන්ගේ මවුපියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන කඹුරුපිටිය උපාලි විජයවර්ධන ශාලාවේදී දියත් කෙරුණු අතර, එම වැඩසටහන සඳහා ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ, ප්‍රධාන කළමනාකරු (අලෙවි අංශය) රංජිත් ජයතිලක සහ දකුණු පළාත් මෙහෙයුම් කළමනාකාරිනි සරෝජා ඉලංගම්ගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 5 ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය දැනුම, පුහුණුව හා අභිප්‍රේරණය ලබාදීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම සුවිශේෂී සම්මන්ත්‍රණ මාලාව මඟින් සිසු සිසුවියන්ගේ ඉගෙනුම් කුසලතා වර්ධනයද අරමුණු කරයි. එමෙන්ම මෙහිදී දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව

මෙන්ම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳවද වැඩසටහනට සහභාගි වන මවුපියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙයි. ඊට අමතරව එම වැඩසටහනේදී දරුවන්ගේ සමාජ සබඳතා මෙන්ම සංස්කෘතික සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී හැකියාවන් ප්‍රවර්ධනය පිළිබඳ මවුපියන්ට විශේෂ දැනුවත් කිරීමක්ද ලබා දෙයි. ‘‘BOC නැණ  මිහිර’ සම්මන්ත්‍රණ මාලාව මුළු දිවයින ආවරණය කරමින් සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම පැවැත්වීමට නියමිතය.

ලංකා බැංකුවේ ආයතනික සමාජ සත්කාර මාලාවේ තවත් අදියරක් ලෙස දියත් කෙරෙන මෙම වැඩසටහන මඟින් දිවයින පුරා විසිරී සිටින, 5 වසර විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් අධ්‍යාපනික අංශයෙන් බලගැන්වීම අරමුණු කෙරෙන අතර, එහිදී ලංකා බැංකුවේ රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුම් මඟින් ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳවද මවුපියන් හා සිසු දරු දැරියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරෙයි.

ලංකා බැංකුව සෑම වසරකම 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කරන අතර ශිෂ්‍යත්ව විභාගය සමත් වන සෑම දරුවකු හා දැරියකටම ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලදී සෑම අයුරකින්ම සහයෝගය ලබාදීමට එදා, අද මෙන්ම හෙටත් ලංකා බැංකුව කැපවී සිටී.