යූනියන් ඇෂුවරන්ස් මෙරට ප්‍රථම වරට ජීවිත රක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් බ්ලොග් නිර්මාණ තරගයක් සංවිධානය කරයි

0
12

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට, ජීවිත රක්ෂණ පිළිබඳව දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් බ්ලොග් නිර්මාණ තරගයක් සංවිධානය කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මාසය ‘ජීවිත රක්ෂණ පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ ලෙස සැලකෙන අතර, ඒ වෙනුවෙන් 2022 සැප්තැම්බර් 01 දින සිට ‘BLOG IT’ නමින් මෙම තරගය දියත් කර ඇත.

මේ සඳහා 2022 සැප්තැම්බර් 25 දින තෙක් නිර්මාණ භාරගැනෙන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ට https://lnkd.in/gxFCcH2R වෙත පිවිසී තම නිර්මාණ ඉදිරිපත් කළ හැකි වේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රු. 180,000 ක වටිනාකමකින් යුත් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමටත්, ඔවුන්ගේ නිර්මාණ තම වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය පිටුවල පළකිරීමටත් යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කරනු ඇත.  

යූනියන් ඇෂුවරන්ස් යනු ජනතාවගේ සිහින සැබෑ කිරීම අරමුණු කරගත් සේවාවන් පිරිනමන රක්ෂණ සමාගමක් වන අතර, BLOG IT තරගය මෙම අරමුණ සැබෑ කරගැනීමේ උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව අවබෝධ කරගෙන, එය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමට අවකාස සලසා දීම සඳහා මෙම තරගය සැලසුම් කර තිබේ. නිර්මාණකරුවන්ට තම නිර්මාණ රචනා, පද්‍ය හෝ කෙටිකතා ලෙස ඉදිරිපත් කළ හැකි අතර, එම නිර්මාණවල අදහස්, නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය යනාදී සාධක අනුව, ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබනු ඇත.

“ජීවිත රක්‍ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යනු, නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මූල්‍යමය සුරක්ෂිතතාව තහවූරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් ගෝලීය වැඩසටහනක්. මෙම වසරේදී ඒ වෙනුවෙන් තම නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කිරීම සඳහා දක්ෂ තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාව සලසා දීමට BLOG IT තරගය සංවිධානය කිරීමට අප තීරණය කළා. මෙවැනි තරගයක් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ සංවිධානය කරනු ලබන්නේ ප්‍රථම වතාවටයි.

මේ ආකාරයට තරුණ නිර්මාණකරුවන්ට විශේෂ අරමුණක් ඔස්සේ තම නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයා දීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම තරගයට ඉදිරිපත් වන සියලුම දෙනාට මාගේ සුබපැතුම් සහ ස්තූතිය පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි මහේන් ගුණරත්න මහතා පැවැසීය.