බිල ගෙවා ගන්න බැරි පන්සල්වල ලැයිස්තුවක් හදනවා

0
113

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන, ආගමික  සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී  පැවැසීය. ආර්ථික අර්බුදය සමඟ විදුලි බිල ඉහළ දැමීමට අදාළ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමඟ තමා කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බවද වික්‍රමනායක මහතා  කීය.

සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි රෝහණ බණ්ඩාර මේ පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍යාංශයට යම් මැදිහත්වීමක් කළ  හැකි දැයි රෝහණ බණ්ඩාර මන්ත්‍රිවරයා ප්‍රශ්නය විමසන ලදී.

විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමඟ කිහිපවරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවැසූ වික්‍රමනායක මහතා සහන  ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය. කඨින පින්කම්වලට පෙර විදුලි බිලට  විස¾දුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකැමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත්  ඔහු කීවේය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි