පොහොට්ටුවේ මීළඟ විධායක රැස්වීමේදී ජී.එල්. ගැන තීරණයක්

0
14

මේ වන විට වෙනත් දේශපාලන සංවිධානයක් සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්ට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ගය පිළිබඳ පොදුජන පෙරමුණේ මීළඟ විධායක සභාවේදී තීරණය කරන බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.

එහිදී බොහෝ විට ජී. එල්. පීරිස් මහතාව පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කරනු ඇති බවද සාගර කාරියවසම් මහතා කීය.

ජී. එල්. පීරිස් මහතාව පක්‍ෂයෙන් ඉවත් කිරීමට තම පක්‍ෂයට හදිසියක් නැති බවද පොදුජන පෙරමුණ ආරම්භ කළ මුල් අවධියේ ඔහු පක්‍ෂයට විශාල මෙහෙයක් ඉටු කළ නිසා එම කෙළෙහිගුණය ජී. එල්. පීරිස් මහතා පිළිබඳ පක්‍ෂයට ඇතැයිද සාගර කාරියවසම් මහතා කීවේය.

ව්‍යවස්ථානුකූලව පක්‍ෂය විසින් සියලු තීරණ ගන්නා බවද ජී. එල්. පීරිස් මහතා පිළිබඳවද එසේ ව්‍යවස්ථානුකූලව තීරණයක් ගැනීමට එළඹෙන විධායක සභාවේදී කටයුතු කරන බවද සාගර කාරියවසම් මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට ඊයේ (20දා) එක්වෙමින් සාගර කාරියවසම් මහතා මෙම අදහස් පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය