පාසල් සිසුවා අපයෝජනය කළ හැට හැවිරිදි අය අත්අඩංගුවට

0
30

හැට හැවිරිදි අයකු ‍ෙදාළොස් හැවිරිදි සිසුවකුව අපයෝජනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මොරටුව  පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ දෙදරු පියෙකි. සිද්ධියට මුහුණ දුන් සිසුවා  පානදුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අමතර පන්තියකට ගොස් නැවත පැමිණෙන  දරුවකු රැගෙන ගොස්   බලහත්කාරයෙන් අපයෝජන කර ඇතැයි පොලිසිය පැවැසීය. එම සිසුවා පන්ති යන එන දෙස බලා නැවත පන්ති නිමවී සිසුවා එනතුරු  බලාසිට තම පාපැදියෙන් නිවෙසට ඇරලන මුවාවෙන් එම සිසුවා රවටා ගෙන නිවෙසට රැගෙන ගොස් ඇත. එහිදී සිසුවාව බිය ගන්වා සිසුවාගේ සියලුම ඇඳුම් උනා දමා අතපතගා ඇත. පසුව බලහත්කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර තිබේ.

එම  පුද්ගලයා සිසුවාව නිවෙසට පිටත් කර යවා ඇත. මවුපියන් වෙත එම සිද්ධිය සිසුවා  පැවැසීමෙන් අනතුරුව මවුපියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මූලස්ථාන පොලිස් පරීක්ෂක කුමාර් ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික, පොලිස් කොස්තාපල් දිලංක (7220),  මදුසංක (97398),  බණ්ඩාර (99626) යන නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

මොරටුව – ඉරංග ප්‍රනාන්දු