නිව්යෝක්හි අධ්‍යාපන පරිවර්තන සමුළුවට සුසිල් ප්‍රේම්ජයන්ත

0
13

එක්සත් ජාතීන්ගේ 77 වැනි  මහ සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක් හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත සහභාගි විය.

ලොව පුරා ඇති වී තිබෙන ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම අරමුණු කරගත් මෙම සමුළුවට රාජ්‍ය නායකයෝ, ලොව පුරා රටවල් රැසක අධ්‍යාපන ඇමැතිවරු සහභාගි වූහ.

අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම (IFFED) එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

කොවිඩ් -19 වසංගතයේ බලපෑමෙන් සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින රටවල්වල අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා මූල්‍ය  පහසුකම් ලබාදීම මෙමඟින් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ කරුණු දැක්වීමත් සමඟ  ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහාද ඉදිරියේදී මෙම මූල්‍ය පහසුකම ලැබෙනු ඇත.

ජේ.ටී.ද සිල්වා