ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි ඉල්ලා විරෝධතාවක්

0
9

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බල කරමින් උතුරු-නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුව ත්‍රිකුණාමලය වෙරළතීරයේ සරුංගල් සන්දර්ශනයක් හා විරෝධතාවක් පැවැත්වූහ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී සියලු දෙනා එක හ¾ඩින් පැවැසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ සිදු කරන කටයුතුවලට අනිසි ලෙස බලපෑම් එල්ල කරන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරන දින 100 වැඩසටහනට දින 50ක් පිරීම නිමිත්තෙන් මෙම සරුංගල් සන්දර්ශනය හා විරෝධතාව පවත්වනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ එම කමිටුවේ

සම්බන්ධීකාරක කේ. ලවකුසරාසා මහතා, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී උතුරු නැඟෙනහිර පුරා ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතුවලටද බලපෑම් එල්ල වන බව පැවැසීය.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ