ජාතික සභා යෝජනාව ඒකමතිකව සම්මතයි

0
9

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ‘ජාතික සභාව’ නමින් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) සම්මත විය.‘ජාතික සභාව’ නමින් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමි වන අතර සෙසු සාමාජිකත්වය අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායක, විපක්ෂ නායක, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී  ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවට යෝජනා වී තිබේ.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි තුෂාර ඉඳුනිල් පැවැසුවේ ලබන මාර්තු වන තෙක් මීට සහාය දෙන බවය. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළම ඇත්තේ බොරුවක් බැවින් ඊට සිය පක්ෂය විරුද්ධ බවය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි