ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රථම ත්‍යාග දිනූ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කරයි

0
47

දශක 6කට ආසන්න කාලයක් රට පුරා කෝටිපතියන්, විසි ලක්‍ෂපතියන්, දස ලක්‍ෂපතියන්, ලක්‍ෂපතියන් සහ සෙසු ත්‍යාගලාභීන් බොහොමයක් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය, ඒ බිහි කරන වාසනාවන්තයන් රටට හඳුන්වාදීමටත් නිතැතින්ම සූදානම්. ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි විශ්වාසය තබාගෙන වියදම් කරන රු. 20 පාරිභෝගිකයාට වාසනාව මෙන්ම රටේ සංවර්ධන ක්‍රියාවලියටත් දායකත්වය ලබා දෙනවා.

මෙලෙස 2022 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ ප්‍රථම ත්‍යාගලාභී වාසනාවන්තයන් 16 දෙනකු වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය. ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ජා.ලො.ම වැඩ බලන සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිණි ජයසේකර, අතිරේක සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරි ආචාර්ය හර්ෂ බණ්ඩාර සහ ඉහළ කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීහු රැසක් සහභාගි වූහ.