ජනපති තුන්වැනි චාල්ස් රජු හමුවෙයි

0
71

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18දා බකිංහැම් මාලිගයේදී පැවැත්විණි.

ඊට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමඟ සුහද කතා බහක නිරතව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ජේ‍යෂ්ඨ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද එම අවස්ථාවට එක්වූවාය.