ගාල්ල රිච්මන්ඩ් තෙවැනි ජය ලබයි

0
8

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී අපරාජිතව තම තෙවැනි ජය වාර්තා කිරීමට පසුගිය වර අනු ශූරයන් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

මෙම තරගයකදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5කින් පැරදවූ අතර, මෙම තරගවලදී කොළඹ නාලන්දා, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ්, තිඹිරිගස්කටුව මාරිස්ටෙලා, යාපනය ශාන්ත පැට්රික් සහ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය යන කණ්ඩායම් ජය වාර්තා කළහ.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීමට ප්‍රවීන් මනීෂ සමත් විය. එහිදී ප්‍රවීන් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 28කට කඩුලු 6ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 71ක් රැස් කළේය.

ගාල්ල රිච්මන්ඩ් – මොරටුව ශාන්ත සෙබස්තියන්

ශාන්ත සෙබස්තියන්: 164 (පන්දුවාර 44.1) (සංදීෂ් ප්‍රනාන්දු 51, මහේන් සිල්වා 29, මනුජ දුල්නෙත් 15/2, නාලක ජයවර්ධන 20/2, මල්ෂ තරුපති 30/2, මහීෂ වෙත්මින් 31/2)

රිච්මන්ඩ්: 166/5 (පන්දුවාර 33.4) (තරින්ද නිර්මාල් නොදැවී 59, කවිඳු නිර්මාණ 32, තමිඳු ප්‍රදීප්ත 27, විමාත් දින්සර 25/2)

ගාල්ල රිච්මන්ඩ් කඩුලු 5ක ජයක්. 

කොළඹ නාලන්දා _ කුරුණෑගල ශාන්ත ආනා

නාලන්දා: 115 (පන්දුවාර 48.2) (රුසිරු විලෝචන 20, කෙවින් නානායක්කාර 6/2, කවිඳු බණ්ඩාර 21/2)

ශාන්ත ආනා: 55 (පන්දුවාර 30.5) (මහිම කොටුවිල 20, සජිත විතානගේ 6/3, ජනුල ඉඳුසර 15/3, කුෂ්මිත සිල්වා 10/2)

කොළඹ නාලන්දා විද්‍යාලයට ලකුණු 60ක ජයක්.

ගලහිටියාව මමවි _ පාදුක්ක සිරි පියරතන

ගලහිටියාව මමවි: 350/7 (පන්දුවාර 50) (සුභාන් ශාලුක 52, වතිල දම්හිරු 51, එසඳ සිතුම් නොදැවී 50, රිසිත් නිම්සර 48, දුෂාන් කල්හාර රවිඳු අශාන් නොදැවී 32, පමෝත් ලක්ෂේන් 30, අංජන මල්ෂාන් 66/4)

සිරි පියරතන: 91 (පන්දුවාර 30.3) (සදිෂ නෙත්මිණ 17, පමෝත් ලක්ෂේන් 15/3, ෂේන් ඩිලාන් 11/2, මනිෂ සංජන 11/2)

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 259ක ජයක්. 

මහනුවර කිංග්ස්වුඩ් _ හලාවත ශාන්ත මරියා

ශාන්ත මරියා: 153 (පන්දුවාර 37) (දිමුතු අනුහස් 23, දිනුක සඳරුවන් 24/4, කවිජ ගමගේ 25/4, අමේෂ් රූපසිංහ 49/2)

කිංග්ස්වුඩ්: 155/3 (පන්දුවාර 27.3) (නිකේෂල නානායක්කාර නොදැවී 56, නෙනුක දිසානායක 41, කවිජ ගමගේ 35, ෂෙනුල් රොද්‍රිගෝ 38/2)

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා – වත්තල ශාන්ත ජෝශප්

ශාන්ත ජෝශප්: 193 (පන්දුවාර 48.3) (ඉෂින ඩයස් 35, ෂෙනොල් තසේරා 30, සිනෙත් දේවප්‍රිය 29, අශෙන් සල්ගාදු 24, විශ්ව පීරිස් 23/3, හේෂාන් පෙරේරා 28/3, එෂාන් ප්‍රනාන්දු 40/2)

මාරිස්ටෙලා: 194/3 (පන්දුවාර 36.5) (එෂාන් ප්‍රනාන්දු 60, හේෂාන් පෙරේරා නොදැවී 55, නිම්සර අප්පුහාමි 28)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයට කඩුලු 7 ජයක්. 

යාපනය ශාන්ත පැට්රික් _ ඇල්පිටිය ආනන්ද

ශාන්ත පැට්රික්: 218 (පන්දුවාර 35.4) (එස්. කීර්තන් නොදැවී 58, පී. මදූෂන් 42, එම්. සොව්තජන් 41, සචින් සත්සිඳු 34/3, තිරන්ත කෞෂාන් 44/3)

ඇල්පිටිය ආනන්ද: 97 (පන්දුවාර 33.1) (ආර්. හියන්සන් 2/3, එස්. සමින්තන් 10/3)

යාපනය ශාන්ත පැට්රික් විද්‍යාලයට ලකුණු 121ක ජයක්. 

හංවැල්ල රාජසිංහ මමවි-

පොළොන්නරුව රාජකීය

රාජකීය: 101 (පන්දුවාර 35.3) (සොනාල් අශ්වින් 23, ප්‍රවීන් මනීෂ 28/6)

රාජසිංහ මමවි: 103/3 (පන්දුවාර 21.2) (ප්‍රවීන් මනීෂ නොදැවී 71)

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

කුරුණෑගල වයඹ රාජකීය _ බම්බලපිටිය හින්දු

හින්දු: 80 (පන්දුවාර 26.1) (ශ්‍රී

නිතූෂන් 20, උපදි ඉඳුසර 4/2, ඕෂධ කෞශල්‍ය 11/2)

වයඹ රාජකීය: 84/2 (පන්දුවාර 16.2) (ඉසුරංග ජයවර්ධන නොදැවී 34, ඕෂධ කෞශල්‍ය නොදැවී 32)

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

ඉෂාන් රශ්මිත