එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය සහ AFC හපන්නු ළමා ඉතුරුම් ගිණුම් දියත් කෙරේ

0
13

ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය සහ “පූර්ණ තිරසර සහතික කළ වටිනාකම මත පදනම් වූ මූල්‍ය ආයතනයක්”‍ යන කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ දකුණු ආසියාවේ ප්‍රථම සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම එහි නව ආයතනික වෙබ් අඩවිය සහ AFC හපන්නු ළමා ඉතුරුම් ගිණුම් 2022 සැප්තැම්බර් 15 වැනි දින දියත් කරන ලදී. රාජගිරියේ පිහිටි එලායන්ස් ෆිනෑන්ස් ශ්‍රවණාගාරයේදී AFC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජේ‍යෂ්ඨ කළමනාකාරිත්වය හමුවේ මෙම සුවිශේෂී අවස්ථාව එළි දැක්විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස AFC හි සභාපතිනි තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය සහභාගී. අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් නියෝජ්‍ය සභාපති / කළමනාකාර අධ්‍යක්ෂක රොමානි ද සිල්වා මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කුසල් ජයවර්ධන මහතා, විධායක අධ්‍යක්ෂ (තිරසරත්වය) මහින්ද ගුණසේකර මහතා, විධායක අධ්‍යක්ෂ – ණය මෙහෙයුම් සහ අලෙවි රවී රඹුක්වැල්ල මහතා සහභාගි විය. මීට අමතරව සමාගමේ ජේ‍යෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට එක්ව සිටියහ. AFC හි ප්‍රධාන වාණිජ නිලධාරි අජන්ත කුමාර මහතා උත්සවයට පැමිණි ආරාධිතයන් අමතා පිළිගැනීමේ කතාව කරන ලදී.

සමාගමේ ප්‍රධානතම මෙහෙයුම් අරමුණක් වන නව්‍යකරණය පෙරදැරි කොටගෙන AFC හි නව ආයතනික වෙබ් අඩවිය එළිදැක්වීම මෙම උත්සවයේ මුල් කාර්යය වශයෙන් සිදුවිය. www.alliancefinance.lk වෙබ් අඩවිය මඟින් ආයතනික තොරතුරු ආයෝජක සබඳතා සමාගමේ නිෂ්පාදන සහ සේවා තිරසර ක්‍රියාකාරකම් ඇතුළු‍ව තොරතුරු රැසක් අන්තර්ගත වේ. AFC හි සභාපතිනි, කළමනාකාර අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ මහතුන් විසින් වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලදී.

එලායන්ස් ෆිනෑන්ස් සමාගම සිය වසර 65ක ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාවේ ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කළ පළමු බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ගේ හදවත් දිනා ගෙන ඇත. ගම්‍යතාව පවත්වා ගැනීම සහ ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම සඳහා රටේ අනාගත නායකයන් වන අප දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීමේ අදහසින් සමාගම AFC හපන්නු ළමා ඉතුරුම් ගිණුම් නව ආරකින් එළිදක්වන ලදී.