ආර්ථික පසුබෑම ගැන සොයන්න විපක්ෂය කාරක සභාවක් ඉල්ලයි

0
7

ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන. ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂය කථානායකවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත. විපක්ෂයේ මන්ත්‍රිවරුන් 37ගේ අස්සනින් යුතු මෙම යෝජනාවලිය ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දී තිබේ. 

පසුගිය 2019 වසරේ නොවැම්බර් සිට මේ දක්වා රටේ ආර්ථිකය පසුබෑම පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසත්, මෙම යෝජනාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය ඉල්ලීම් කර ඇත. මෙම විශේෂ කාරක සභාව සඳහා සාමාජිකයන් ‍ෙදාළහකට නොවැඩි සංඛ්‍යාවක් පත් කළ යුතු බවද එම ලිපියෙහි සඳහන් කර ඇත.

මෙම යෝජනාවලියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මන්ත්‍රිවරුන් ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, කුමාර වෙල්ගම, නාලක ගොඩහේවා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අස්සන් තබා ඇත.

නිර්මාණි ගුණරත්න