අප්‍රිකානු ක්‍රීඩක වෙන්දේසියේදී මධුසංකට හා කුසල්ට තැනක්

0
11

දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත එස්.ඒ. විස්සයි-20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (20දා) අලුයම නිමා වූ අතර, එහිදී ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු මිලදී ගැනීමට එහි කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු කර තිබිණි.

ඒ අනුව ශ්‍රී  ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංක ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදීගෙන තිබුණේ දකුණු අප්‍රිකානු රැන්ඩ් 275000ක (ශ්‍රී  ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 56ක් පමණ) මුදලකටයි. එසේම ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම මිලදී ගෙන තිබූ අතර, ඔහුට හිමිව තිබූ වටිනාකම දකුණු අප්‍රිකානු රැන්ඩ් 425000කි (ශ්‍රී  ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 85ක් පමණ).

කෙසේ වෙතත් මෙම ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී  ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ්

තීක්ෂණ ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් පිල සමඟින් ගිවිසුම්ගතව තිබිණි.

එසේම මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, අවිෂ්ක ප්‍රනාන්දු, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, කුසල් පෙරේරා,

දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක ඉදිරිපත්ව තිබුණද කිසිදු කණ්ඩායමක් ඔවුන් මිලදී ගෙන නොතිබීමද විශේෂත්වයකි.

තවද දකුණු අප්‍රිකානු එක්දින නායක ටෙම්බා බවූමා සහ ටෙස්ට් නායක ඩීන් එල්ගර් ද මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව තිබුණද කිසිදු කණ්ඩායමක් ඔවුන් මිලදී ගැනීමට කටයුතු කර නොතිබීමද කැපී පෙණිනි.

සටහන _ ගමිත දෙහිපිටිය