කෙසෙල්වත්තේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
119

සැප්. 8 වන දා කෙසෙල්වත්ත පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්. 19) දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 වන වියේ පසු වන කෙසෙල්වත්ත සහ ගුණසිංහපුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එක් සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 945ක් පොලිසිය සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

එමෙන් ම, ඔහු වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය සහ ජීව උණ්ඩ 2ක් සඟවා තිබියදී සොයා ගෙන ඇත.

අනෙක් සැකකරු ගුණසිංහපුර ප්‍රදේශයේදී මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 720ක් පොලිසිය සොයාගෙන තිබේ.

සැකකරුවන් අද (සැප්. 20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරයි.