සජබයෙන් කතානායකට යෝජනාවක්

0
170

2019 නොවැම්බර් සිට මේ දක්වා ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වූ යෝජනාවක් සමගි ජන බලවේගය අද (සැප්. 20) කතානායකවරයාට භාර දී තිබේ.

සමගි ජන බලවේගය අවධාරණය කර ඇත්තේ, මෙම යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ අත්සනින් යුත් ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අත්සන් තබා තිබේ.