සුචරිතගමේ දුශ්චරිත වැඩක්

0
9

හොරණ පොලිස් වසමේ අරමනාගොල්ල ප්‍රදේශයේ නිවෙස්වලින් කෙසෙල් කැන් සහ පාපැදි සොරා ගැනීමෙහි යෙදුණු පුද්ගලයකු සොරාගත් කෙසෙල් කැන් තුනක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, සුචරිතගම පදිංචි 36 හැවිරිදි අයකු වන අතර, ඔහු මත්පැන් භාවිතයට තදින්ම ඇබ්බැහිවූවකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා විසින් සොරාගත් විශාල ප්‍රමාණයේ කෙසෙල් කැන් තුනක් සහ පාපැදියක් ඔහුගේ නිවෙස පිහිටි වත්තෙහි සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බවත්, ඒවා විකිණීමට සූදානම් කර තිබූ ඒවා බවත් පොලිසිය පවසයි. හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සී. එස්. පනාවල මහතාගේ අධීක්‍ෂණය යටතේ, අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන විපුල් අබේසිරි සහ තරිඳු බණ්ඩාර, සැරයන් ලලිත් (35477) සහ කොස්තාපල් කුමාරසිරි (96978) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ඉංගිරිය – එන්. පී. කහවල