ශාන්ත සර්වේෂස් තෙවැනි ජයත් ලබයි

0
7

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී අපරාජිතව තම තෙවැනි ජය වාර්තා කිරීමට මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සමත්විය.

මෙම තරගයකදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ලකුණු 114කින් පැරදවූ අතර, ශාන්ත සර්වේෂස් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් කුෂාන් විජේරාම පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 89ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ තරුෂ් දමිඳු ලකුණු 21කට කඩුලු 5ක් දවාලීය.

මෙම තරගවලදී මහනුවර ධර්මරාජ, මහනුවර කිංග්ස්වුඩ්, කටුනේරිය ශාන්ත සෙබස්තියන්, කළුතර තිස්ස මධ්‍ය මහා මහා විද්‍යාලය, රත්නපුර ශාන්ත ඇලෝසියස් සහ යාපනය ස්කන්දර්වෝදය මහා විද්‍යාලය යන කණ්ඩායම් ජය වාර්තා කළහ.   

මාතර ශාන්ත සර්වේෂස් – අම්බලන්ගොඩ ධර්මාශෝක

ශාන්ත සර්වේෂස්: 216 (කුෂාන් විජේරාම 89, තරුෂ දමිඳු 27, චිරාත් නෙත්විරු 23, චනක ජනංග 37/3), ධර්මාශෝක: 102 (මලිත මෙන්ඩිස් 21, තරුෂ් දමිඳු 21/5, තිෂාන් දෙව්මිත් 12/2, විශ්ව සුපුන් 15/2)

ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ලකුණු 114ක ජයක්. 

මහනුවර ධර්මරාජ_ගාල්ල ශාන්ත ඇලෝසියස්

ධර්මරාජ: 161 (පුළිඳු පෙරේරා 36, ඔනාජිත් සිල්වා 20, චන්දිම මහගෙදර 20, ඉඳුවර උදේන 25/4), ශාන්ත ඇලෝසියස්: 149 (විදුර ලක්ෂාන් 49, චාර්ය යසාර 29, පුළිඳු පෙරේරා 10/4, දුලර බන්දුලසේන 26/3)

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 12ක ජයක්.

මහනුවර කිංග්ස්වුඩ්_හලාවත ශාන්ත මරියා

ශාන්ත මරියා – 153 (දිමුතු අනුහස් 23, දිනුක සඳරුවන් 24/4, කවිජ ගමගේ 25/4), කිංග්ස්වුඩ්: 155/3 (නිකේෂල නානායක්කාර නොදැවී 56, නෙනුක දිසානායක 41, කවිජ ගමගේ 35, ෂෙනුල් රොද්‍රිගෝ 38/2)

කිංග්ස්වුඩ් විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

කටුනේරිය ශාන්ත සෙබස්තියන්-යාපනය ශාන්ත ජෝන්

ශාන්ත සෙබස්තියන්: 216 (හසිත කාවින්ද 56, අශේන් දිනුක 36, තිසර මධුෂාන් 29, මොහාන්රාසා කමල්රාජ් 35/3, ඇන්ටන් අභිෂේක් 49/3), ශාන්ත ජෝන්: 169 (කමලබාලන් සබේසන් 42, ඇන්ඩර්සන් සචින් 31, ඇන්ටන් අභිෂේක් 28, නිමේෂ් මධුසංක 30/3)

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 47ක ජයක්. 

කළුතර තිස්ස මමවි_කරන්දෙණිය මමවි

කරන්දෙණිය මමවි: 154 (ශ්‍රීලාල් ධනංජය 39, ධනුෂ ලක්ෂාන් 35, ශරීන් ධනංජය 29/4), තිස්ස මමවි: 155/5 (හිරුෂ නෙත්සර නොදැවී 76, තරුෂ දුලංජන 36/3)

තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 5 ජයක්. 

රත්නපුර ශාන්ත ඇලෝසියස්-පුත්තලම ආනන්ද

ශාන්ත ඇලෝසියස්: 215 (චානුක ධනංජය 56, කල්ප භානුක 56, ඉමිඳු පෙරේරා 31/3, විමුක්ති සඳරුවන් 34/3), ආනන්ද ජාතික පාසල: 179 (සිවන් රාජ නොදැවී 60, කවීෂ විමලසිරි 55/4, චානුක ධනංජය 58/3)

ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ලකුණු 36ක ජයක්. 

යාපනය ස්කන්දර්වෝදය මවි-හෝමාගම මමවි

ස්කන්දර්වෝද්ය මවි: 172 (එස්. ගෞරිශංකර් 59, දෙනුවන් ත්‍රිසංක 28/3), හෝමාගම මමවි: 107 (සිතුම් විහඟ 30, එස්. කුබීෂනන් 30/5)

ස්කන්දර්වෝදය මහා විද්‍යාලයට ලකුණු 65ක ජයක්. 

ඡායාරූප විස්තරය – ,

ඉෂාන් රශ්මිත