ශ්‍රී  ලාංකිකයන් හත් දෙනාට දරුණු වධ දීලා

0
131

යුක්රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනා වධ හිංසාවලට ලක්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයන්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත. අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදා විසින් සිරකරනු ලැබ සිටි බව ඇය සඳහන් කර තිබේ.

මාරියා රොමනෙන්කෝ එම ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත. එම ශ්‍රී ලාංකිකයන්ගේ නියපොතු ගලවා, පහරදී වධ හිංසාවට ලක්කර ඇති බව ඇය එහි තවදුරටත් සඳහන් කර තිබේ. 

කුමුදු ජයවර්ධන