රන් වළදැමූ බවට සැක ස්ථාන කැණීම් අත්හිටුවීමට උසාවි නියෝගයක්

0
27

යාපනය, ඉරුපලෙයි ප්‍රදේශයේදී කොටි ත්‍රස්තයන් වළදැමූ බවට සැක කෙරුණු ස්ථානයක රත්රන් සොයා සිදුකළ කැණීම් නවතා දැමීමට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා පෙරේදා (18දා) නියෝග කළේය.

කෝපායි පොලිස් ස්ථානයට කොටි ත්‍රස්තයන් විසින් යුද සමයේදී රත්රන් තොගයක් වළදමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ඉරුපලෙයි ඕලන්ද මාර්ගයේ පිහිටි ඉඩමක නිවෙසක් ආසන්නයේ අදාළ කැණීම සිදුකරන ලදී.

යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී පස් කපන යන්ත්‍ර යොදා කැණීම් සිදුකළද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැණීම් කටයුතු නවතා දැමීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් රත්රන් වළදැමූ බවට සැක කෙරෙන ස්ථාන රැසක උතුරු ප්‍රදේශයේ කැණීම් සිදුකළද මේ වන තුරුත් අදාළ කැණීම්වලදී කිසිවක් හමු නොවී ඇති බවටද පොලිසිය පවසයි. 

(01 – 02- ඉරුපලෙයි ප්‍රදේශයේ කොටි ත්‍රස්තයන් වළදැමූ රත්රන් සොයා කැණීම් සිදුකළ අයුරු. 03-04 කැණීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා ඉදිරියේ සිදුකිරීම.

මුලතිව් – ශෂිකුමාර්