මිනිස් ඝාතනයක් කළ සැකකරු මාස 11කට පසු අහුවෙලා

0
9

කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේදී 2021 නොවැම්බර් 16 වැනිදා පුද්ගලයකු කැත්තකින් කපා ඝාතනය කළ සැකකරුවකු මාස 11කට පසුව පෙරේදා (18දා) දිනයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවැසුවේ පසුගිය නොවැම්බර් 16 වැනිදා රාත්‍රියේ පරන්තන් ශිවපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුත්තයියා කේදීශ්වරන් නමැති  පුද්ගලයකුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අදාළ ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු වන අතර පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකොට ඇති බව මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත. ඝාතනය වෙනුවෙන් යොදාගත් කැත්තද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් එවක කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ශිවපාල සුබ්‍රමනියම් මහතාගේ නියෝග යටතේ මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්විණි.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වවුනියාව – එන්. ප්‍රියදර්ශනි