පිරිවෙනේ දන්බත් කා දන්ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩරේටත් විදලා

0
8

මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි පිරිවෙන් විහාරස්ථානයක හිමිනමක් ලබාදුන් දිවා ආහාරයද ලබාගෙන  දාන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩරය සොරාගෙන ගිය සැකකාර අයියා මලෝ දෙදෙනා 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට නියම වූයේ මිනුවන්ගොඩ, වේරගොඩ, මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ආර්.පී. නුවන් සම්පත්  වික්‍රමසිංහ සහ ආර්.පී. රුවන් චාමර වික්‍රමසිංහ කළ  අයිය මලෝ දෙදෙනෙකි. සැකකරුවන් විසින් සොරා ගත් ගෑස් සිලින්ඩරය  සහ වේරගොඩ මුල්ල ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවි කරන  නිවෙසකින්

සොරා ගන්නා ලද සිවුරු 18ක් සහ වටාපත්  06ක්ද පොලිසිය මඟින් සොයාගෙන ඇති බවට ද අධිකරණයේදී  සඳහන් විය.  සැකකරුවන් දෙදෙනා එම භාණ්ඩ අලෙවි කර තිබූ බවත් අලෙවි කිරීමෙන් ලබා ගත් මුදල් හෙරොයින් පානය සඳහා වියදම් කර ඇති බවත් පොලිසිය කීය. මිනුවන්ගොඩ පොලිසියේ උප පො.ප.  අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල