දෙමළ ජාතික සන්ධානයේ අනුරපුර විරෝධතාවයෙන්

0
45

දෙමළ ජාතික සන්ධානයේ හා විපක්ෂයේ සහභාගිත්වයෙන් රජයට එරෙහිව දිවයින පුරා පැවැත්වෙන ජංගම විරෝධතාව ඊයේ (19දා) පෙරවරුවේ අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රජය ක්‍රියාත්මක කර ඇති මර්දනකාරී ක්‍රියා පිළිවෙත හා වංචා දූෂණ හේතුවෙන් රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් එම ක්‍රියා පිළිවෙතට විරෝධය දැක්වීමත් මෙම ජංගම උද්ඝෝෂණ මාලාවේ අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය රාජාංගණයේ චන්ද්‍රරතන හිමියෝ පැවැසූහ. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද එක්ව සිටියහ.

මිහින්තලේ – සුමේධ කරුණාරත්න