ජිනීවා යෝජනා ගැන ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්

0
97

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී මෙවර ඉදිරිපත් වන යෝජනාවේ අඩංගු කරුණු ලංකාවට ආධාර ලබාදීමේ කොන්දේසි බවට. පත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී  ලංකාව ආර්ථික අර්බුදයක මිරිකී සිටීම තුළ බෙදුම්වාදීන් තමන්ගේ මන‍ෙදාළ සපුරා ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හරහා කටයුතු කිරීමේ ප්‍රබල අවදානමක් පවතින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.  ඔහු මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

“කෙටියෙන්ම කිවහොත් මානව හිමිකම් සභාවේ සාමාජික රටවල් 47න් 24ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මේ ගෙන එනු ලබන යෝජනාවට පක්ෂ වුවහොත් ඒවා ශ්‍රී  ලංකාවට ආධාර ලබාදීමේදී කොන්දේසි බවට පත්වීමේ අවදානමක් තිබෙනවා” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ