ජාතික සභා යෝජනාව අද මැති සබේට

0
6

ආණ්ඩු පක්ෂය විසින් රටේ ආර්ථික අර්බුදය ඇතුළු විවිධ ගැටලු විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට  යෝජනා කළ  ජාතික සභාව පිළිබඳ යෝජනාව අද  (20දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතය.

මෙම විවාදය  අද (20දා) දවස පුරා සිදු කෙරේ. පාර්ලිමේන්තුව අද (20දා) සිට 23දා දක්වා පැවැත්වේ.

ආණ්ඩුවේ ආදායම වැඩි කර  ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් හෙට (21දා) බදාදා පැවැත්වීමට නියමිත අතර මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ  විසිනි.

දෙවැනි එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම ලබන 23 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වේ.

එමෙන්ම  ඝාතනය කෙරුණු ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය ඉන් අනතුරුව පැවැත්වේ. මෙම ශෝකය පළ කිරීමේ විවාදය  පසුගිය 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්  එදින පාර්ලිමේන්තු කාලය සීමා වුණේ විනාඩි 24කට පමණි.

අනුරාධා හේරත් , ස¾දුනි ගමාරච්චි