ජාත්‍යන්තරය ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇගයෙයි

0
11

ජාත්‍යන්තර හා ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයනහි ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී  ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිරිගැන්වීම වෙනුවෙන් ඔවුන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානය්දී පැවැත්විණි.

මෙහිදී ආසියානු දැල්පන්දු තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකා ස්කොඩ්‍රන් ලීඩර් චතුරංගි ජයසූරිය සහ නායක ගුවන් කාන්තා රෂ්මි දිව්‍යාංජලී ඇගයීමට ලක් කෙරිණි. එහිදී නායක ගුවන් කාන්තා  රෂ්මි පෙරේරා කෝප්‍රල් නිලය දක්වා උසස් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එසේම මන්චි සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගත් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ද, මිස්ටර් ශ්‍රී  ලංකා කිරුළ හිමිකරගත් ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ නායක ගුවන් භට චමින්ද පීරිස්, ගුවන් කාන්තා මල්ලවපොර කණ්ඩායම මෙන්ම ජාතික මට්ටමේ ශූරතා දිනාගත් ගුවන් හමුදා වෙඩි තැබීමේ සහ ජීවිතාරක්ෂක ක්‍රීඩා අංශයන්හි කණ්ඩායම් ද ගුවන් හමුදාපතිවරයාගේ ඇගයීමට ලක්විය.