උපකරණ-බෙහෙත් හිඟයෙන් පිළිකා රෝගීන්ගේ සුව වීමේ අනුපාතය පහළට

0
7

පිළිකා රෝගීන් වෙනුවෙන් සිදුකරන රේඩියෝ තෙරපි (radiotherapy) හෙවත් කරන්ට් ඇල්ලීම පිළිවෙළට සිදුනොවීම තුළ රෝගීන් සුව වීමේ අනුපාතය 

10% දක්වා පහත බැස ඇතැයි.  ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික  විශේෂඥ වෛද්‍ය මහාචාර්ය  ක්‍රිෂාන්ත අබේසේන අනාවරණය කළේය.

රේඩියෝ තෙරපි යනු ඇතැම් පිළිකා රෝගීන්ට කරන එකම ප්‍රතිකාරය බවත් මෙම උපකරණ හිඟය නිසා රෝගීන් බහුතරයකට මාස තුනක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇති බවත් කීය. මෙම ඔෟෂධ හා උපකරණ හිඟය තුළ පිළිකා මරණ අනුපාතයද වැඩි වෙමින් පවතින බව වෛද්‍යවරයා කීය. radiotherapy වලින් පිටරට රෝගීන් සුව වීමේ අනුපාතය 45%ක් වුවත් ලංකාවේ එය 10%ක් වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

“අපේ රටේ radiotherapyවල අඩුවක් තියෙනවා. අපේක්ෂා රෝහලේ රෝගීන්ට මේ හින්දා  මාස තුනක් පොරොත්තු ලේඛනයේ ඉන්න වෙලා තියෙනවා. සමහර බරපතළ පිළිකා රෝගීන්ට කළ යුතු ප්‍රතිකාර දවස දෙකවත් පහුකරන්න බැහැ.  මෙම මැෂින්වල අඩුව ඉක්මනින් පිරවිය යුතුයි. ඒ වගේම රැකි තෙරපි කියලා තියෙනවා. ඒ මැෂින් රේඩියෝ තෙරපි මැෂින්වලට වඩා වැඩිදියුණු කළ ඒවා. මේ මැෂින් ලංකාවටම තියෙන්නෙ දෙකයි. අපේක්ෂා රෝහලේ පමණක් නොවෙයි රටේ  තිබෙන අනෙක් දිස්ත්‍රික්  පිළිකා රෝහල් ගණනාවක මේ ඔෟෂධ හා උපකරණ හිඟය තියෙනවා. radiotherapy පිළිවෙළට නොකිරීම නිසා පිළිකා රෝගීන්  ලංකාවේ සුව වන ප්‍රමාණය 10%ක් දක්වා අඩුවෙලා තිබෙනවා.

මෙම රේඩියෝ තෙරපි ප්‍රතිකාරය නැති නම් විකල්පයක් විදිහට වෙනත් ඔෟෂධවලට යා යුතු‍යි. නමුත් ඒවා ඉතාම මිල අධිකයි. ඒ මිල අධික ඔෟෂධවලින් වුණත් රේඩියෝ තෙරපිවලින් ලැබෙන ප්‍රතිඵලයම ලැබෙනවද කියලා හොයාගෙන නෑ. ඇතැම් පිළිකා රෝගීන්ට අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර  කරන්නට සිදු වෙනවා. මේ ඔෟෂධ හා උපකරණ හිඟය ඉතා බරපතළයි. මේ හින්දා මරණ අනුපාතයත් වැඩි වෙමින් පවතිනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්