ඉදිරි මැතිවරණ ඉලක්ක කර ආසන මට්ටමින් අපි කටයුතු කරනවා

0
132

එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් හා ආසන මට්ටමේ වැඩසටහන් ඇරැඹීමට ඉදිරියේදී කටයුතු කරන බව උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

එම වැඩසටහන් පිළිබඳ මේ වනවිට උත්තර ලංකා සභාගයේ නායකයන් සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය. එමෙන්ම ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා උත්තර ලංකා සභාගය ලෙස තනිව තරග වැදීමට එම සභාගයේ දේශපාලන නායකයන් තීරණය කළ බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කීය.

වර්තමාන පාලනයත් එම පාලනය ආරක්ෂා කිරීමට කටයුතු කරන පිරිස්වලටත් එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, වත්මන් පාලනය විසින් ලබාදෙන කිසිදු කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට කටයුතු නොකරන බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවැසීය.

කොළඹදී ඊයේ (19දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය