අද බලයේ සිටින්නේ රාජපක්ෂලාගේ ‍ෙදාරටුපාලයන්

0
39

“හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්” අදාළ එදාටද, අදට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි. එම කතාව වලංගු වන්නේ එදාටද අදටද යන්න පිළිබඳව බුද්ධිමත් ජනතාවට අවබෝධයක් ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වනවිට ජිනීවාවල මානව හිමිකම් කොමිසම ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම්වලටත් මුල් තැනක් ලබාදී ඇති බවද ඔහු ඊයේ (19දා) කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසන බලමණ්ඩල රැස්වීමේදී පැවැසීය.

ජනතාවට විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය අද වනවිට රාජපක්ෂලාට සම්පූර්ණම වෙන්දේසි වී ඇති බවත් ඒ පිළිබඳව තමන්ටම බලවත් කනගාටුවක් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රටේ ජනතාවගේ සහ අරගලයේ ශුද්ධ අරමුණු පාවා දෙමින් තනතුරු ගැනීමට තමන්ට කිසි විටෙක අපේක්ෂාවක් නොතිබූ නිසා ජනාධිපති අගමැති ධුර භාර නොගත් බවද ඔහු  පැවැසීය.

ජන අරගලයකින් රාජපක්ෂලා පලවා හැරිය නමුත් අද වනවිට සිදුව ඇත්තේ ඔවුන්ව සුරක්ෂිත කරන ‍ෙදාරටුපාලයකු බලයට පත්වීම බවත්  විපක්ෂ නායකවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න