ඉන්දීය රුපියල් කෝටි 200 වංචාව සම්බන්ධයෙන් ජැක්ලීන්ගෙන් යළිත් ප්‍රශ්න කෙරේ (PHOTOS)

0
374

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් මේ වන විට දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජැක්ලීන් අද දිල්ලි පොලිසියට කැඳවා ඇති බව ය.

ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමග එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා දිනයේදී ද ජැක්ලින්ගෙන් දිල්ලි පොලිසිය පැය 8ක කාලයක් ප්‍රශ්න කළේ ය.