දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය පූජෝත්සවය අවසන්: දේහය භූමදානය සඳහා වින්ඩ්සර් වෙත රැගෙන යයි (VIDEO)

0
789

වෙස්ට්මින්ස්ටර් ඇබේහි පැවති රාජ්‍ය අවමංගල්‍යය පූජෝත්සවයේ කටයුතු නිමා වීමෙන් අනතුරුව දෙවන එලිසබෙත් රැජිණගේ දේහය වෙලින්ග්ටන් ආච් වෙත රැගෙන මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

රාජ්‍ය අවමංගල්‍යය පූජෝත්සවයේ කටයුතු බ්‍රිතාන්‍ය ජාතික ගීය ගැයීමෙන් අනතුරුව අවසන් විය.

අනතුරුව මහ රැජිණගේ දේහය භූමදාන කටයුතු සඳහා වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යාමට නියමිත ය.

රැජිණගේ දේහයට ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් මග දෙපස රැස්ව සිටින අයුරු දැකගත හැකි ය.

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වසර 70ක රාජ්‍ය පාලනය එතැන් සිට නිමාවනු ඇත.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අද (සැප්. 19) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ලෝක නායකයින් ද මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙරට වේලාවෙන් ප.ව. 3.00ට ඊට සහභාගි විය.