මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙක් මහ මුහුදට බිලි වෙයි

0
204

වාලච්චේන ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ධීවර යාත්‍රාවෙන් මුහුදට වැටී දියේ ගිලී මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැප්තැම්බර් 17 වන දා සවස් කාලයේදී වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පිටව ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 48ක් වූ මාවඩිච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය වාලච්චේන මුහුදු තිරයේ තිබියදී සොයාගෙන ඇති අතර දේහය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.