13 විසඳුමක් හැටියට දමිළ ජනතාව පිළිගන්නේ නෑ

0
9

කවර පීඩාකාරී තත්ත්වයක් උද්ගත වුවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විස¾දුමක් වශයෙන් මෙරට දෙමළ ජනතාව නොපිළිගන්නා බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජිලිංගම් පැවැසීය.

ශ්‍රී ලංකාවේ තිරසර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විස¾දුමක් ලබාදීම තුළින්  පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ඉන්දීය නියෝජීතවරයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා මේ බව පැවැසුවේය.

ඩී. එල්. ජයකොඩි