ෆෙඩරර් ටෙනිස් පිටිය හැර යයි

0
24

ලොව විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩ්රර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව එළැඹෙන සති අන්තයේදී පැවැත්වෙන ලේවර් කුසලාන ටෙනිස් තරගාවලිය ෆෙඩ්රර්ගේ අවසන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය වනු ඇති. පසුගිය වසර තුනක පමණ කාලය තුළ දැඩි ලෙස ආබාධයන්ගෙන් පීඩා විඳීමත් අවස්ථා කිහිපයකදී සැත්කම්වලට මුහුණදීමට සිදුවීමත් හේතුවෙන් යම් අභිගෝය රැසකට මුහුණදීමට සිදුව තිබීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව තම සමුගැනීම නිවේදනය කරමින් ෆෙඩ්රර් සඳහන් කර තිබිණි.

මේ වන විට 41 හැවිරිදි වියේ පසුවන ෆෙඩ්රර් 24 වසරක ක්‍රීඩා දිවිය තුළ ටෙනිස් තරග 1500කට වැඩි ප්‍රමාණයක් ජයගෙන ඇති බවද සඳහන්ය. එසේම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20කට හිමිකම් කියන ෆෙඩ්රර් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි 6ක්, විම්බල්ඩන් ශූරතා 8ක්, ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා 5ක් සහ ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළකට හිමිකම් කියයි.