සිරිකුරුසට කඩුලු 9ක ජයක්

0
12

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී කළුතර සිරිකුරුස විදුහලට කඩුලු 9ක පහසු ජයක් හිමිවිය.

එම තරගවලදී ශා.ජෝෂප් විදුහලේ ළහිරු අමරසේකර, පන්නිපිටිය ධර්මපාල විදුහලේ මෙනුෂ පබසර, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ කවීෂ කල්පන, පාදුක්ක සිරි පියරතන විදුහලේ සෙනෙත් අක්මිත කඩුලු 5 බැගින් ලබාගත්හ. 

කොළඹ ශාන්ත ජෝශප්-කොටහේන ශාන්ත බෙනඩික්ට්

ශාන්ත බෙනඩික්ට් – 79 (ළහිරු අමරසේකර 12/5), ශාන්ත ජෝශප්්: 80/5 (සදීෂ් ජයවර්ධන නොදැවී 41, මෙවන් දිසානායක 18/3)

ශාන්ත ජෝශප් විද්‍යාලයට කඩුලු 5ක ජයක්. 

කොළඹ රාජකීය_මොරටුව වේල්ස් කුමර

රාජකීය – 255 (උවිඳු වීරසේකර 94, සිනෙත් ජයවර්ධන 61, මෙසිත් ද සිල්වා 37/3, උනෙත් පීරිස් 45/3), වේල්ස් කුමර – 118 (දසිස් මංචනායක 24/4)

 රාජකීය විද්‍යාලයට ලකුණු 137ක ජයක්.

මහනුවර ත්‍රිත්ව_කුරුණෑගල ශාන්ත ආනා

ශාන්ත ආනා 121 (තීරක රණතුංග 18/3) ත්‍රිත්ව: 123/8 (ජනිත් රන්දික නොදැවී 36, මනාන් මුසම්මිල් 21/3)

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයක්. 

කොළඹ මහානාම_මාතර ශාන්ත තෝමස්

මහානාම 249/6 (කවිඳු අමාමෙත් 78, අංජල බණ්ඩාර 66, සචිර වැලිවත්ත 42, භානුක ඉමාල් 38/3), ශාන්ත තෝමස් – 90 (ඉනුක කරන්නාගොඩ 9/3, රශ්මික පෙරේරා 20/3)

මහානාම විද්‍යාලයට ලකුණු 159ක ජයක්. 

රත්ගම දේවපතිරාජ-කොළඹ සහිරා

දේවපතිරාජ – 220 (පවන් සංදේෂ් 42, ජීවක ශෂීන් 39, මික්ඩාඩ් අක්රම් 41/4), සහිරා: 187 (මොහොමඩ් යෂීර් 67, ලක්ෂාන් ද සිල්වා 41, මතීෂ සාරංග 13/3)

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 33ක ජයක්. 

ගාල්ල මහින්ද-කොළඹ තර්ස්ටන්

මහින්ද: 246 (හරීන් අචින්ත 76, ප්‍රමේෂ් මධුභාෂණ 60, දුවිඳු නිශාන් 44/4, විහස් තෙව්මික 41/3), තර්ස්ටන් – 223 (ශානික්‍ය දේශප්‍රිය 86, තේනුක දේවප්‍රිය 37, තනුග පළිහවඩන 37, ෂෙනුක දංගමුව 29/4)

මහින්ද විද්‍යාලයට ලකුණු 23ක ජයක්. 

ගල්කිස්ස ශාන්ත තෝමස් – කුරුණෑගල මලියදේව

මලියදේව- 227/9 (ගයන වීරසිංහ 56, ජයමින් මුතුකුමාරණ 41, උෂාන් බිම්සර 41, චාරුක පීරිස් 28/2), ශාන්ත තෝමස් – 230/6 (මහිත් පෙරේරා නොදැවී 85, ආකාෂ් ප්‍රනාන්දු නොදැවී 33)

ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

ගාල්ල රිච්මන්ඩ්-කොළඹ වෙස්ලි

රිච්මන්ඩ් – 248 (තමිඳු ප්‍රදීප්ත 68, මල්ෂ තරුපති 35, කවිඳු නිර්මාණ 33, ශකේෂ් මිනොන් 57/3), වෙස්ලි: 148 (චමත් ගෝමස් 59, මල්ෂ තරුපති 21/4)

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 100ක ජයක්.  

කොළඹ ආනන්ද_පන්නිපිටිය ධර්මපාල

ආනන්ද: 143 (විදුන විජේබණ්ඩාර 39, මෙනුෂ පබසර 19/5), ධර්මපාල – 109 (අයේෂ් ශෂිමාල් 12/4, ඉසුරු අයේෂ් 7/3)

ආනන්ද විද්‍යාලයට ලකුණු 34ක ජයක්. 

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද_පාදුක්ක සිරි පියරතන

ශ්‍රී දේවානන්ද – 288 (රනූෂ ද සිල්වා 82, මයුර මල්ෂාන් 57, සිතුම් විහඟ 51, කවීෂ කල්පන 30, සෙනෙත් අක්මිත 58/5), සිරි පියරතන – 123 (සෙනෙත් අක්මිත 40. කවීෂ කල්පන 31/5)

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ලකුණ 165ක ජයක්.  

ගලහිටියාව මමවි_පිළියන්දල මමවි

පිළියන්දල මමවි: 118 (නිලුෂ ප්‍රනාන්දු නොදැවී 31, සුභාෂ් ශාලුක 20/3), ගලහිටියාව මමවි: 120/6 (ගනිඳු විජේකෝන් 32/2)

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය-මොණරාගල රාජකීය

ආනන්ද ශාස්ත්‍රාලය – 240/9 (නදිල් පෙරේරා 60, චමෝද් තීක්ෂණ 45/3), රාජකීය – 186 (වත්සල අනුජය 51, නදීම් මජීඩ් 5/3)

ආනන්ද ශාස්ත්‍රාලයට ලකුණු 54ක ජයක්. 

කළුතර සිරිකුරුස-කැළණිය ශ්‍රී ධර්මාලෝක

ශ්‍රී ධර්මාලෝක: 95 (හංසජ බ්‍රයන් 18/3, සොනාල් අවදික 25/3), සිරිකුරුස: 98/1 (රශාන් කේත නොදැවී 45, සනුක චෙරාන් නොදැවී 39)

සිරිකුරුස විද්‍යාලයට කඩුලු 9ක ජයක්. 

පානදුර ශාන්ත ජෝන්_මීගමුව ශාන්ත පීතර

ශාන්ත ජෝන්: 227 (දෙනෙත් ප්‍රසංග 67, යසිරු සංදීප 44, නවීන් අත්සිත 42/4), ශාන්ත පීතර: 174 (නවීන් අත්සිත 73, යසිරු සංදීප 38/3)

ශාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 53ක ජයක්. 

ඉෂාන් රශ්මිත