ශූරතාව ජා ඇල ක්‍රිස්තුරාජයට

0
12

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සමත්විය.

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී සෙතික දිල්මිත්ගේ නායකත්වයෙන් යුත් පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 8කින් පරාජයට පත්කරමින් මෙවර ශූරයින් බවට පත්වීමට ශරිත් සුදීනගේ නායකත්වයෙන් යුත් ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය හිමිකරගත් ක්‍රිස්තුරාජ විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, ඔවුන්ගේ ඉනිම පන්දුවාර 46.3කදී ලකුණු 140කට සීමා කිරීමට රාජකීය පන්දු යවන්නන් සමත්වූහ.

පිළිතුරු ඉනිම දියත්කළ පානදුර රාජකීය පිලට පන්දුවාර 40.2කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණි.

ජා ඇල ක්‍රිස්තුරාජ 140 (රයන් සචින්ත 67, ප්‍රමෝද් චාමික 22, සෙතික දිල්මිත් 17/4, රුසිත් ජයවර්ධන 11/3), පානදුර රාජකීය – 132  (රුසිත් ජයවර්ධන 45, සෙතික දිල්මිත් නොදැවී 20, අවිෂ්ක නිර්මාල් 19/2, ශරිත් සුදීන 24/2)

ඉෂාන් රශ්මිත