ලෝක කුසලානයේදී වනිඳුගෙන් පරිස්සම්වෙන්න

0
35

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානයේදී ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන් ශ්‍රී  ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගෙන් ප්‍රවේශම් විය යුතු බව හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසා ඇත. එසේම මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකා කණ්ඩායම පෙරළිකාර කණ්ඩායමක් වනු ඇති බවද මුරලි මෙහිදී පවසා තිබිණි.

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ිලෙජන්ඩ්ස් ලීග්ී ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබූ මුරලි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා තිබිණි. ූවිස්සයි 20 තරග රටාව තුළ වනිඳු විශිෂ්ටතම පන්දු යවන්නෙක්. පසුගිය වසර 2ක හෝ 3ක කාලය තුළ ඔහු ඉතා ඉහළ දස්කම් දැක්වූවා. මෙම ලෝක කුසලාන තරගාවලියේදී පා දඟ පන්දු යවන්නන් වඩාත් ඉහළ ප්‍රතිඵල නෙලා ගනු ඇති බවත් මා විශ්වාස කරනවා. ඒ අනුව වනිඳු ප්‍රතිවාදී කණ්ඩායම් වෙත විශාල තර්ජනයක් එල්ල කරාවි.‍ෙ

එසේම ලෝක කුසලානයට එක්වන ශ්‍රී  ලංකා කණ්ඩායමේ දස්කම් පිළිබඳවද මෙහිදී අදහස් දක්වා තිබූ මුරලි “ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සැලකීමේදී මේ අවස්ථාවේදී ශ්‍රී  ලංකාව අති භයානක කණ්ඩායමක් ලෙස සැළකිය හැකියි. එසේ වුවත් අවාසනාවන්ත ලෙස මෙම තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රධාන තරගාවලියට එක්වීමට අපට සිදුව තිබෙනවා. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලානයේදී පෙරළිකාර ලෙස ඉහළ ක්‍රීඩාශීලිත්වයක් දක්ෂතාවයක් දක්වනු ඇති බව මා තරයේ විශ්වාස කරනවා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.

සටහන – ගමිත දෙහිපිටිය