ලොවම මවිත කරන රජ පවුලේ අමුතු විලාසිතා

0
76

බි්‍රතාන්‍ය රජ පවුල කියන්නේ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක්. එයට හේතුව මුළු ලෝකයම මේ වනවිට දන්නා පරිදි මහ රැජිනගේ වියෝවයි. ඉතින් මෙලෙස මේ රජ පවුල කාගේත් අවධානයට යොමු වී ඇති නිසාම මේ රාජකීය කාන්තාවන් විලාසිතා කිරීමේදී, නිල උත්සව සහ ප්‍රියසම්භාෂණවලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු රීති පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සිතුවා. ඔබ සුන්දර ලෙස දකින මේ රාජකීය ජීවිත ඇත්තෙන්ම සුන්දර නිදහස් එකක්ද කියන එක වටහා ගැනීම මේ ලිපිය කියවන ඔබට භාරයි. –      රාජකීය කාන්තාවන් තම පසුම්බිය හෝ අත්බෑගය වම් අතේ තබාගත යුතුයි.

රජ පවුලේ චාරිකාවලදී අත්බෑගය කියන්නේ පොදු දෙයක්. රාජකීය සම්ප්‍රදාය අනුව කාන්තාවන් තමන්ගේ අත්බෑගය වම් අතේ තබා ගත යුතුයි. රැජින වගේම ආදිපාදවරියන් වන කේට් මිඩ්ල්ටන් සහ මේගන් මර්කල් සෑම විටම තමන්ගේ අත්බෑගය වම් අතෙහි තබා ගෙන සිටින ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. රාජකීය විශේෂඥයන් පවසන ආකාරයට ඔවුන් තමන්ගේ වම් අතේ අත්බෑගය හෝ මුදල් පසුම්බිය තබා ගෙන සිටින්නේ, එවිට ඔවුන්ගේ දකුණු අත සෙලවීමට, අතට අත දීමට සහ මහජනයාට ආචාර කිරීමට පහසුවන නිසායි.

–              රැජිනගේ අත්බෑගය රහස් පණිවුඩ පවසයි.

රැජින කිසිවිටෙක අත්බෑගයක් නොමැතිව නොසිටින බව ඔබ දැක ඇති. ඇය සිය කාර්ය මණ්ඩලය වෙත සංඥා යැවීමට තම අත්බෑගය භාවිත කරයි. නිදසුනක් විධියට ඇය සාදයකදී ඇයගේ අත්බෑගය මේසය මත තැබුවහොත් එයින් කියැවෙන්නේ ඇය පිටව යෑමට සූදානම් වන බවයි. සංවාදයක් අවසන් කිරීමට අවශ්‍ය වූ විට ඇය ඇයගේ අත්බෑගය හෝ පසුම්බිය තබාගෙන සිටින අතින් අනෙක් අතට මාරු කරයි.

–              ගවුම් සහ සාය සෑම විටම සුදුසු දිගකින් යුක්ත විය යුතුයි.

බි්‍රතාන්‍ය රජ පවුලේ කාන්තාවන්ගේ ඇඳුම් එහෙම නැත්නම් ගවුම් හෝ සාය නිශ්චිත දිගකින් යුක්ත විය යුතු බව පැවසෙනවා. රාජකීය කාන්තාවන් දණහිසේ සිට අඟල් තුනකට හෝ හතරකට වඩා කෙටි ඇ¾දුම් ඇඳීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ජීන්ස් වැනි ඇ¾දුම් ඇඳීමට අවසර ලැබෙන්නේ නිල නොවන සාමාන්‍ය අවස්ථාවලදී පමණයි.

–              රැජින දීප්තිමත් ඇ¾දුම් අඳියි.

එළිසබෙත් රැජින දීප්තිමත් වර්ණවලින් යුතු ඇ¾දුම් නිරන්තරයෙන්ම ඇඳ සිටි බව ඔබට මතක ඇති. එයට හේතුව ඇය දීප්තිමත් වර්ණවලට ඇති කැමැත්ත නම් නොවෙයි. ඇය කොතැනක හෝ යන විට ඇය රැජින බව විශේෂයෙන් හ¾දුනා ගැනීමට හැකිවන, සියලු දෙනාගේ අවධානය යොමු වීමට ඉන් පහසුවක් ලැබීමට මෙලෙස දීප්තිමත් වර්ණවලින් යුතු ඇ¾දුම් භාවිත කරයි. එය රාජකීය රීති ගොන්නට ඇතුළත්ය.

–              රාජකීය මනාලියන්ගේ මංගල ඇ¾දුම රැජින නිල වශයෙන් අනුමත කළ යුතුයි.

රාජකීය කාන්තාවකගේ හෝ රාජකීය පවුලේ පුද්ගලයකු සමඟ විවාහ වන කාන්තාවකගේ මංගල ඇ¾දුම රැජින නිල වශයෙන් අනුමත කළ එකක් විය යුතුයි. රාජකීය කාන්තාවකට තමන්ගෙ මංගල දිනයේදී හිතුමනාපෙට තමන් කැමති මංගල ඇ¾දුමක් තෝරා ගන්න අයිතියක් නැහැ. සම්ප්‍රදායට අනුව රැජින මංගල ඇ¾දුමට අනුමැතිය ලබා දෙන්නට ඕනෑ නැත්නම් එය අඳින්නට ඇයට හැකියාව ලැබෙන්නේ නැහැ.

–              සෑම සංචාරයක් සඳහාම කළු පැහැති ඇ¾දුමක් සූදානම් කරගත යුතුයි.

රාජකීය පවුලේ අය සංචාරයක් සඳහා යන සෑම විටම අමතර කළු පැහැති ඇ¾දුමක් රැගෙන යා යුතුයි. එයට හේතුව පවුලේ සාමාජිකයකු හෝ හිතවතකු මිය ගියහොත් කළු ඇඳුම් ඇඳීම අනිවාර්ය බැවින් හදිසියේ එවැනි අභාවයක් සිදුවුවහොත් ඒ අවස්ථාවට සුදුසු ලෙස පෙනී සිටීම සඳහා එලෙස කළු ඇ¾දුමක් සෑම සංචාරයකටම රැගෙන යෑම අනිවාර්යය දෙයක්.

–              වර්ණවත් නිය ආලේපනවලට අවසර නැත.

රාජකීය කාන්තාවන් මහජනතාව ඉදිරියේ පෙනී සිටින සෑම අවස්ථාවකම ඔවුන්ගේ නිය පෙළ කැපීපෙනෙන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා නොමැති බව අවධානයෙන් බැලුවහොත් ඔබට පෙනේවි. එයට හේතුව රාජකීය කාන්තාවන්ට වර්ණවත් නිය වර්ණ ආලේප කිරීම තහනම් වීමයි. සෑම විටම ස්වභාවික වර්ණයන්ගෙන් යුක්තව තම නිය පෙළ තබා ගැනීමට රාජකීය කාන්තාවන්ට උපදෙස් දී තිබෙනවා.

–              Wedges සපත්තු පැලඳීම තහනම්.

 රාජකීය කාන්තාවන් රැජින සමඟ සිටිනවිට සහ රැජින සහභාගී වන උත්සව අවස්ථාවලට සම්බන්ධ වන්නේ නම් Wedges විලාසිතාවේ සපත්තු පැලඳීම තහනම් කර ඇත. කේට් සහ මේගන් මෙම Wedges සපත්තු රැජින නොමැති අවස්ථාවල දී පැලඳ සිටින ඡායාරූප අන්තර්ජාලයේ ඇත. මෙම රීතියට හේතුව රැජින එම විලාසිතාවේ සපත්තුවලට අකැමැති බවයි ආරංචි වන්නේ.

දඉතා උස අඩි සහිත සපත්තු නොපැලඳිය යුතුයි.

රාජකීය කාන්තාවන් අඟල් හයක හෝ ඊට අඩු උසකින් යුතු සපත්තු භාවිත කළ යුතුයි. එයට හේතුව ඔවුන් නිතර මහජනයාගේ අවධානයට ලක්වන නිසා ඔවුන්ට පහසුවෙන් ඇවිදීමට හැකියාව ලැබෙන පරිදි උසකින් යුතු වීමට ඉන් හැකියාව ලැබීමයි. එමෙන් හදිසියේවත් අඩි උස සපත්තු දාගෙන ඇවිදින්නට ගොස් වැටෙන්නට ගියහොත් එය ලොව පුරා සැණින් ප්‍රචාරය වන නිසයි.

–              රාජකීය කාන්තාවන් ඕනෑම කෙනකුට Tiara පැලඳිය නොහැකිය.

රාජකීය කාන්තාවන් Tiara පලඳින්නේ රාජකීය උත්සවවලට සහ විශේෂ අවස්ථාවන්ට පමණයි. රාජකීය  මනාලියන් Tiara පලඳියි. නමුත් රාජකීය පවුලේ තනිකඩ කාන්තාවන් සහ ළමයින්ට Tiara පැලඳීම තහනම්ය.

දඊයම් යෙදූ ඇ¾දුම් ඇඳිය යුතුයි.

රාජකීය කාන්තාවක් තමාගේ ඇ¾දුම් පැල¾දුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබට දැනටමත් පැහැදිලි ඇති. රාජකීය කාන්තාවන් තමන්ගේ ඇ¾දුම සුළඟට ගසාගෙන යෑම වැළැක්වීමට අපූරු උපක්‍රමයක් භාවිත කරයි. එනම් ගවුම් සහ සායවල වාටිය තුළට ඊයම් යොදා ඇ¾දුම් මැසීමයි. මෙමඟින් ඇ¾දුම පහසුවෙන් සුළඟට ගසාගෙන යෑම වළක්වනවා. කේට් මිඩ්ල්ටන් කහ පැහැති ගවුමකින් සැරසී සිටින අවස්ථාවක ඇයගේ ගවුම සුළඟට ගසාගෙන යෑම නිසා අපහසුතාවට ලක්වුණා. එම අවස්ථාවේ දී ගත් ඡායාරූපය අන්තර්ජාලය පුරාම ප්‍රචලිත වුණා. මෙම රීතිය එවැනි අපහසුතාවන්ගෙන් වැළකීමටයි.

–              කාන්තාවන් අත්වැසුම් පැලඳිය යුතුයි.

රැජින සහ රජ පවුලේ කාන්තාවන් අත්වැසුම් පැලඳිය යුතුයි. ඔවුන් බොහෝ විට නිල කටයුතුවලදී සහ මහජන එක්රැස්වීම්වලදී අතට අත දීම සිදු කරන බැවින් විසබීජවලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස අත්වැසුම් භාවිත කළ යුතු බවට රීති පනවා තිබෙන බවයි පැවසෙන්නේ. ඩයනා කුමරිය බොහෝ විට මෙම රීතිය අනුගමනය කළේ නැහැ.

–              සරල, ස්වභාවික මේකප් සහ ස්වභාවික පිළිවෙළ හිසකෙස්.

රාජකීය කාන්තාවන් නිරන්තරව සරල මේකප් එකක් භාවිත කළ යුතුයි. සෑම විටම ස්වභාවික පෙනුම ආරක්ෂා කරගත යුතුයි. ඔවුන්ට තද පැහැති තොල් ආලේපන භාවිත කිරීම සහ Heavy Eye Makeup භාවිත කිරීම තහනම්ය. හිස කෙස් සැකසීමේදීද සරල ස්වභාවික පෙනුම සහ පිළිවෙළ ආරක්ෂා කර ගත යුතුයි. විශාල කොණ්ඩා මෝස්තර හෝ කැපීපෙනෙන හිස්කෙස් වර්ණ ගැන්වීම්ද රාජකීය කාන්තාවන්ට තහනම්ය.

–              රාජකීය සංචාරවල දී භාවිත කරන ඇ¾දුම් පැල¾දුම් එම රටට ගෞරවයක් විය යුතුය.

රාජකීය පවුල විදෙස් රටවල සංචාරය කරන විට එම සංචාරය කරන රටට ගෞරවයක් දැක්වෙන ලෙස එම රටේ සම්ප්‍රදායට ගැළපෙන ඇදුම් ඇඳීම හෝ එම රටේ ජාතික වර්ණයෙන් යුතු ඇ¾දුම් ඇඳීම සාමාන්‍ය සිරිතක්. ඔවුන් එම රටේ සම්ප්‍රදයානුකූල ඇ¾දුම හෝ ඊට සමාන ඇඳුම් විලාසිතාවක් භාවිත කරයි.

–              ලොම් ඇ¾දුම් අඳින්න එපා

14 වැනි සියවසේදී iii වන එඩ්වඩ් රජු ප්‍රකාශ කළේ රාජකීය පවුලේ සාමාජිකයන් ඇතුළු කිසිවකුට ලොම් සහිත ඇ¾දුම් පැලඳිය නොහැකි බවයි. අද වනවිටත් රාජකීය පවුල සම්පූර්ණ ලොම් ඇ¾දුම් අඳින්නේ නොමැති අතර ලොම්වලින් නිමැවුණු තොප්පි, ස්කාෆ් සහ කබා පමණක් භාවිත කරයි.

දකාන්තාවන් ප්‍රසිද්ධියේ කබාය ගැලවීම නොකළ යුතුය.

රාජකීය කාන්තාවන් කුමන හෝ උත්සවයකට හෝ අවස්ථාවකට සහභාගීවීමේදී කබායක් පැලඳ සිටිනවා නම් මොනයම් හේතුවකටවත් එම කබාය ප්‍රසිද්ධියේ ගැලවීම නොකළ යුතු බවට රීතියක් පනවා තිබෙනවා.

–              රාජකීය කාන්තාවන් හිඳගත යුතු ආකාරය.

රාජකීය කාන්තාවක් ආසනයක හෝ වෙනත් ස්ථානයක හිඳගැනීමේදී හිඳගත යුතු නිසි පිළිවෙළක් දක්වා තිබෙනවා. ඔවුන් තම දකුණු කකුලේ වළලුකර වම් කකුලේ වළලුකර පසුපසින් එකට සිටින සේ තබා ගත යුතුයි.

–              අන්වර්ථ නාම සම්පූර්ණයෙන්ම තහනම්.

රාජකීයයන්ට අන්වර්ථ නාම හෝ කෙටි නාම භාවිත කිරීමට අයිතියක් නැහැ.

–              තේ කෝප්පය අල්ලාගෙන සිටිය යුත්තේ මෙසේයි.

රාජකීය පවුලේ සාමාජිකයන් තේ කෝප්පය අල්ලාගතයුතු නියම ආකාරයක් නියම කර තිබෙනවා. තමන්ගේ දබරැඟිල්ලෙන් සහ මහපටැඟිල්ලෙන් තේ කෝප්පය හසුරුව අල්ලාගත යුතු අතර, මැද ඇඟිල්ල කෝප්පයේ පතුලට තබා ගත යුතුයි.

–              විවාහ යෝජනාවකට පෙර අනුමැතිය අවශ්‍යයි.

1772 රාජකීය විවාහ පනතට අනුව රාජකීය පරම්පරාවේ අයෙක් විවාහ යෝජනාවක් කිරීමට පෙර රජුගේ හෝ රැජිනගේ අනුමැතිය ලබා ගත යුතුය.

–              උරුමක්කාරයන් දෙදෙනකුට එකට ගමන් කිරීමට අවසර නැත.

 කිරුළ හිමි කර ගැනීමට උරුමකම් කියන දෙදෙනකුට එකට ගමන් කිරීමට අවසර නැහැ. මෙම රීතියට ප්‍රධාන හේතුව කිරුළේ උරුමකරුවන් ආරක්ෂා කර ගැනීමයි. වයස 12 සම්පූර්ණ වූ කිරුළට උරුමකම් කියන දරුවකුට වුවත් කිරුළට හිමිකම් කියන මව හෝ පියා සමඟ එකට ගමන් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.

මීට අමතරව රැජින සිටගෙන සිටින විට සියලු දෙනාම සිටගෙන සිටිය යුතුයි. ආහාර මේසයේදී රැජිනගේ ආහාර වේල අවසන් වූ පසු කිසිවකුට ආහාර ගැනීමට අවසර නැහැ. ආදී වශයෙන් දෛනික ජීවිතයේදී රාජකීයයන් අනුගත විය යුතු විවිධ නීතිරීති සහ සම්ප්‍රදායයන් රැසක් තිබෙනවා. රාජකීය පවුලක සාමාජිකයෙක් වන එක එහෙමත් නැත්නම් රාජ කුමාරයෙක් හෝ රාජ කුමාරියක් වන එක වාසනාවක් විධියට අපි සිතුවත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතවල අප නොදකින පාර්ශ්වයකුත් තිබෙනවා. බි්‍රතාන්‍ය රජ පවුල කියන්නේ ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් රජ පවුලක් වන නිසා ඔවුන් මේ නීති රීති සහ සම්ප්‍රදායයන් රැක ගැනීමට ඇප කැප වනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර