රැජිනගේ අවමඟුල සඳහා ජනපති ලන්ඩනයට

0
15

බි්‍රතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ලන්ඩන් නුවරට ළඟා වී ඇත.

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බි්‍රතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගිවන ජනාධිපතිවරයා  ලබන බදාදා (21දා) අලුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධුරයන්හි වගකීම් පවරා තිබේ.

වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩ බලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් ඇමැතිවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩ බලන තාක්ෂණ ඇමැතිවරයා  ලෙස කනක හේරත්, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිලුම් අමුණුගම පත් කර තිබේ.

ස¾දුනි ගමාරච්චි