රස ගුණ පිරි බතල, කඩල, පැපොල් සලාද

0
57

වර්තමානයේ එළවළුවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඇතැම් මිනිසුන් පහසුවෙන් මිලදී ගැනීමට  හැකි එළවළු පමණක් ආහාරයට ගැනීමට පුරුදු වී ඇත. එසේම සලාද වැනි ආහාර ආහාරයට ගැනීම මඟහැර ඇත්තේ එළවළු දෙක තුනක් මිශ්‍ර කර සලාදයක් සෑදිය නොහැකි ආර්ථික තත්ත්වයක් අද තිබෙන නිසාය.

නමුත් ඔබ අවට තිබෙන, පහසුවෙන් සපයා ගත හැකි එළවළු පලතුරු එක් වර්ගයක් පමණක් භාවිත කර රසවත්   සලාදයක් නිවෙසෙදීම සාදාගත හැකි බව ඔබ දන්නවාද? ඇතැම් විට පැපොල්, බතල ප්‍රතික්ෂේප කරන පොඩ්ඩන් පවා සලාදයක් ආකාරයට බතල  පැපොල් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්නට පුළුවන්. ඉතින් රස වගේම ගුණයෙනුත් හෙබි මෙම එළවළු පලතුරු සලාදයක් ලෙස සකස්කර ගතහැකි ආකාරය අපි පහතින් විමසා බලමු.

පැපොල් සලාදය

ශ්‍රී  ලාංකේය මිනිසුන් අතර ඉතාම ජනප්‍රිය පලතුරු වර්ගයක් තමයි පැපොල් කියන්නේ. ලාංකික ජනතාව තම ගෙවතුවල පැපොල් වගා කරන්නේ එය පහසුවෙන්ම වැවෙන නිසා හෝ එහි ඇති රසවත් බව නිසා පමණක් නොවේ. එහි ඇති ගුණදායක බව පිළිබඳවත් යම් කිසි හෝ දැනුමක් ඇති නිසායි. බොහො පිරිසක් පැපොල් පලතුරක් ලෙස හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගත්තත් අද අපි ඔබට කියන්නේ පැපොල් සලාදයක් ලෙස ආහාරයට ගත හැකි ක්‍රමයක් පිළිබඳවයි. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලෙස,

දහොඳට පැහුණු  අමු පැපොල්

     ගෙඩියක්

-තල ඇට මේස හැඳි 1-2

-රට කජු මේස හැඳි 1-2

-සුදුලූනු බික් 1-2

-හකුරු කෑල්ලක්

-සෝයා සෝස් මේස හැඳි 1

-ලුණු අවශ්‍ය පමණට

-දෙහි ඉස්ම ටිකක්

-රතු මිරිස් (කොච්චි හෝ ඉදුණු

     අමු මිරිස්)

-බීලූනු

-එළවළු තෙල් මේස හැඳි 2

සාදා ගන්නා ආකාරය

මුලින්ම හොඳින් පැසුණු පැපොල් ගෙඩියක් ගෙන පොතුහැර ගන්න. පසුව ඔබ මෙය කපා ගත යුත්තේ හීනි කුඩා තීරු අකාරයටයි. තීරු ආකාරයට කපාගත් පැපොල් කැබලි අයිස් වතුරින් සෝදා ගන්න. රෙදි කැබැල්ලකින් පිස වතුර තෙත මාත්තු කරන්න. (අයිස් වතුරින් සෝදා ගනු ලබන්නේ සලාදය සාදාගත් පසු පැපොල් කැබලි මෙලෙක් නොවී තබා ගැනීම සඳහාය).

පසුව තල ඇට සහ රට කජු කබලෙහි බැද බාගෙට කුඩු කර ගන්න. සුදුලූනු බික් සහ කිතුල් හකුරුද පේස්ට් එකක් සේ වංගෙඩියෙහි දමා කුඩු කර ගන්න. කිතුල් හකුරු වෙනුවට සීනි භාවිත නොකරන්න.

කුඩු කරගත් රටකජු සහ තල ස්වල්පය භාජනයකට දමා ගන්න. එයට ඉදිණු අමුමිරිස් හෝ කොච්චි හීනියට කපා දමා සෝයා සෝස් සහ ලුණු ස්වල්පයක් එකතු කර ගන්න. දෙහි ඉස්ම ස්වල්පයක් සහ කපා ගත් බීලූනු සහ එළවළු තෙල් එකතු කර මෙය හොඳින් කලවම් කර ගන්න. අවසානයේ කපා ගත් පැපොල් තීරු එයට එකතු කර හොඳින් කලවම් කර ගන්න.

ඇතැම් විට හකුරු එකතු වීම නිසා පැණි රසක් දැනේවි යැයි ඔබට සිතුනත් අමු මිරිස්, කොච්චි වැනි දේවල් එකතු කරන බැවින් සලාදයට අමුතුම රසයක් එක්වෙන බව නම් කිව යුතුමය. එය නිතර අප රස බලන සලාදවලට වඩා වෙනස්ම රසකින් යුක්ත වේ. කහ බතක් වැනි විශේෂ බතක් සාදන ඕනෑම  අවස්ථාවක වගේම උත්සව අවස්ථාවක වුවද සාම්ප්‍රදායික  සැලඩ් එක වෙනුවට ඔබට පැපොල් සලාදය සාදා පිළිගැන්විය හැකිය.

කඩල සලාදය

කඩල යනු පෝෂණ ගුණ රැසකින් සපිරි රසවත් ධාන්‍ය වර්ගයක් කිව්වොත් නිවැරැදියි. මේවායේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, යකඩ  සහ කැල්සියම් වැනි පෝෂණ ගුණ රැසක් අන්තර්ගත වෙනවා. එබැවින් කඩල ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පවතිනවා. ඒ වගේම කඩල බොහොමයක් රෝග සඳහා ඉතාමත් ගුණදායකයි.

එපමණක් නොව ඔබ නිර්මාංස පුද්ගලයෙක් නම් කඩල නිතර ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍ය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් කඩල ඇට තම්බා, තෙම්පරාදු කර, වෑංජනයක් ආකාරයට මෙන්ම රොටී, තෝසේ ආදී විවිධ ආකාරවලට ඔබට ආහාරයට ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් අපි අද ඔබට කියන්නේ කඩලවලින් සලාදයක් සාදාගත හැකි ආකාරය පිළිබඳවයි. මෙය සෑදීම සඳහා  අවශ්‍ය වන්නේ,

-පිසූ කඩල කෝප්ප භාගයක්

  පමණ සිහින්ව කපාගත් කැරට්

  සහ පිපිඤ්ඤා

-තක්කාලි

-ලූනු ගෙඩියක්

-සුදුලූනු බික් එකක්

-දෙහි බිඳු ස්වල්පයක්

-අඹ ක්‍රීම් තේ හැඳි 1 12

-යෝගට් කප් 1/2

-ඔලිව් ඔයිල් තේ හැඳි 1 1/2

-ලුණු රස අනුව ගම්මිරිස් රස

  අනුව

සාදා ගන්නා ආකාරය

මුලින්ම සුදුලූනු පේස්ට් එකක් වන පරිදි  හොඳින් තළා ගන්න. පසුව ඔබ කැමති හැඩයකට පිපිඤ්ඤා,  කැරට්, තක්කාලි, බීලූනු කපා ගන්න. යෝගට් ටිකට ඔලිව් ඔයිල් සහ ගම්මිරිස් කුඩු වගේම ලුණුත් ඇති පදමට එකතු කර ගන්න. පසුව අඹරා ගත් අබ ක්‍රීම් සහ සුදුලූනුද එයට එක් කරන්න. අවශ්‍ය පරිදි එයට දෙහි ස්වල්පයකුත් එකතු කර ගන්න. මෙයට තරමක් ඇඹුල් රස යෝගට් එකක් භාවිත කරන්න. පසුව තැම්බු කඩල ටිකට කපා ගත් එළවළු සහ යෝගට් මිශ්‍රණය එකතු කර ගන්න. අවසානයේ අලංකාරවත් ලෙස සකසා මේසයට පිළිගන්වන්න.

අලිගැටපේර සලාදය

අලිගැටපේර නම කිවූ පමණින් එහි රසය ගැන ඔබේ මතකය අලුත් වුණා නේද? කීයක් දීලා හරි කන්න වටින පලතුරක්  තමයි අලිගැටපේර කියන්නේ. ඇතැම් අය එහි පෝෂණය පිළිබඳ  හරිහැටි නොදන්නා නිසා අලිගැටපේර   ප්‍රතික්ෂේප කරන පලතුරක් බවට පත්වී තිබෙනවා. අලිගැටපේර මිල්ක්ශේක්, අලිගැටපේර පුඩින්, අලිගැටපේර අයිස්ක්‍රීම්, අලිගැටපේර කරි වගේ දේවල් පිළිබඳ බොහෝ දෙනෙක් දැනුවත් වුණත් අලිගැටපේර සලාදය පිළිබඳව නම් ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ඉතින් පහසුවෙන් ලෙහෙසියෙන් නිවෙසදීම සාදාගත හැකි අලිගැටපේර සලාදයක් ගැනයි ඔබට මේ කියන්නේ. අලිගැටපේර සලාදයක් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලෙස,

-හොඳට ඉදුණු අලිපේර ගෙඩියක්

  හෝ දෙකක්

-රතු ලූනු ගෙඩි කිහිපයක්

-ඉදුණු අමු මිරිස් කරල් 1-2

-කොත්තමල්ලි කොළ ටිකක්

-දෙහි ස්වල්පයක්

දලුණු අවශ්‍ය ප්‍රමාණයට

ඉදුණු අමු මිරිස් කරල් සහ රතුලූනු හීනියට කපාගෙන එයට දෙහි ඉස්ම සහ ලුණු කුඩු  එක්කර හොඳට කලවම් කර ගන්න. පසුව කැබලිවලට කපාගත් අලිපේර කැබලි පොඩි නොවනසේ පරිස්සමෙන් කලවම් කර ගන්න. අවසානයේ කොත්තමල්ලි කොළ හීනියට කපා සලාදයට යන්තම් කලවම් කර මේසයට  පිළිගන්වන්න.

බතල සලාදය

අෑත අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපට ඉතා හුරු පුරුදු ආහාරයක් ලෙස බතල හ¾දුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ තිබෙන  රසයෙන් ගුණයෙන් පිරිපුන් අල වර්ග අතරින් බතල ඉතා වටිනා ආහාරයක්. මෙහි ඇති තන්තුමය කෙඳි නිසා අතිශයින්ම පෝෂණීය ආහාරයක් ලෙසත් එසේම වර්තමානයේ බහුල ලෙස දක්නට ලැබෙන බෝනොවන රෝගවලින් ආරක්ෂා වන්නටද බතල හොඳ ගුණදායක ආහාරයක්. අද දවසේ ලෝක වාසීන්ගේ බඩකට පුරවන ආහාර අතරින් බතල දෙවැනි වන්නේ සහල්, තිරිඟු, අර්තාපල්, බඩඉරිඟු සහ මඤ්‍ෙඤාක්කාවලට පමණයි. අපි බතල ආහාරයට ගන්නේ තම්බා හෝ වැංජනයක් ලෙසය. නමුත් අද අපි ඔබට පවසන්නේ බතලවලින් සලාදයක් සාදාගත හැකි ආකාරය පිළිබඳවයි. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලෙස,

දතම්බා ගත් බතල 500ඨ

-දෙහි යුෂ තේ හැඳි 1යි

-කබලේ බැද ගත් තල ඇට මේස

   හැඳි 1 1/2

දබැදපු රටකජු මේස හැඳි 1 1/2

-කපාගත් කොත්තමල්ලි කොළ

  ස්වල්පයක්.

-හීනියට කපාගත් රතුලූනු

     ස්වල්පයක්

-ඔලිව් ඔයිල් මේස හැඳි 2යි

-ගම්මිරිස් කුඩු සහ ලුණු රස අනුව

සාදා ගන්නා ආකාරය

ඔලිව් ඔයිල් ස්වල්පය භාජනයකට දමා එයට රතුලූනු සහ දෙහි ස්වල්පයක් එකතු කර ගන්න. එය හොඳින් කලවම් කරන ගමන් එයට  වංගෙඩියේ දමා මඳක් කුඩු කරගත් රටකජු සහ තල ඇටද එකතු කර ගන්න. එයටම අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු සහ ලුණු එක්කර හොඳින් කලවම් කර ගන්න. දැන් මෙයට තම්බා ගත් බතල කැබලි සහ කපා ගත් කොත්තමල්ලි කොළ එක්කර බතල පොඩි නොවන සේ පරිස්සමෙන් කලවම් කර  මේසයට පිළිගන්වන්න.

සචිනි බස්නායක

නදීෂා දහනායක

Cook With
Nadeesha YouTube Channel