“ගුලීගේ පොත්ගුල” 23 – 30 ලියනගෙදරදී

0
11

විශිෂ්ට පුවත්පත් – සඟරා කතුවරයකු, ගුවන්විදුලි – රූපවාහිනි මාධ්‍යවේදියකු, ගත්කතුවරයකු සහ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස යුගකාරක කාර්ය භාරයක් ඉටු කළ කලාසූරී ගුණදාස ලියනගේ මහතා ලියූ සියලු කෘති ඇතුළත් “ගුලීගේ පොත්ගුල” ප්‍රදර්ශනය මේ මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා (උදේ 10 – රාත්‍රි 7) නුගේගොඩ මිරිහානේ ලියනගෙදරදී පැවැත්වෙයි.

දෝන කමලාවතී, මුළු හදින් මම ඇයට පෙම් කොට, සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද, තෙවැනි සිල්පදය නොකඩමි, අම්මේ මම ගිහින් එන්නම්, උඹ නිසා දුවේ මං, කැලෑ පැංචා, මල්ලිගේ විත්ති, මිල්ටේරිකාරයෝ, බයිසිමොටෝ එක, දෙල්ගහ යට ගෙදර, විප්ලවය, සිරිකත සහ විල්මට්, අගමැතිවරුන් හත් දෙනකු සමඟ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, පුවත්පත් මෙල්ල කිරීම, ජොනී උපහාර සහ තවත් ඇත්ත කතා, හැටපහේ පෙරළිය, ඛලීල් ජිබ්රාන්ගේ දෙව්දුරු අරටු, මකර රජු ගේ දුව, ගොළු නොවූ හදවත, කෝ මගේ දරුවෝ අනේ, ගිනි වළල්ල ඇතුළු පාඨක  විචාරක දෙපාර්ශ්වයේම ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ කෘති ඒ අතර වෙයි.

කලාසූරී ගුණදාස ලියනගේ සමරු පදනම, අඳින ලේඛක පෙරමුණ සහ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය මෙම පොත් ප්‍රදර්ශනය සංවිධානය කරයි.