කොල්ලුපිටියේ වාළුකාරාම ඇසළමහා පෙරහරේ චාරිත්‍ර විධි පැවැත්වීම 23දා

0
18

කොල්ලුපිටියේ වාළුකාරාම විහාරස්ථා වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පැවැත්වීම සැප්තැම්බර් මස 23 වැනිදා සිකුරාදා සවස 5.10ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරේ.

කොල්ලුපිටියේ වාළුකාරාමාධිපති, කොළඹ දිසාව සහිත උෟව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඓතිහාසික නවගමු රාජමහා විහාරාධිපති ශ්‍රී  කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ධුරන්දර මංගල ධර්මකීර්ති ශ්‍රී  මල්වානේ පඤ්ඤාසාර මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බුරුම තානාපති හා මැති ඇමැතීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

මුදිත කාරියකරවන