අනගාරික ධර්මපාල 158 වැනි ජන්ම දින දා මහාබෝධි විහාරයේ සැමරුම් උත්සවයක්

0
11

අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත්දා කොළඹ මහබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථාන පරිශ්‍රයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහභාගි වූ අතර එහිදී අනගාරික ධර්මපාලතුමන් කළ අමිල මෙහෙය අගයමින් ගුණ කථනයක්ද කළේය. එම විහාරස්ථානයේ අග්‍රශ්‍රාවක ධාතු තේවාව භාර අම්බුලුගල සුමංගල නායක ස්වාමීන් වහන්සේ අනගාරික

ධර්මපාලතුමාගේ ගුණ කථනයක් කළහ. ශ්‍රී  ලංකා මහ බෝධි සංගමයේ ලේඛකාධිකාරි තීනියාවල පාලිත නායක ස්වාමීන් වහන්සේ, අග්‍රශ්‍රාවක විහාරාධිකාරී මොනරාගල පඤ්ඤලංකාර ස්වාමීන් වහන්සේ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳව අමාත්‍ය විදුර වික්‍රමනායක හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ලේකම් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ.