ඇමති කෙහෙළියගේ නිවස සහ තවත් පිරිසකගේ දේපළවලට හානි කළ සිව් දෙනෙක් අත්අඩංගුවට

0
139

මැයි 9 වන දා සිදු ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුන්ගේ නිවාසවලට, දේපළවලට සහ වාහනවලට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30,36, 27 සහ 50ක් වන දිඹුලපතන, බලංගොඩ, නුගේගොඩ සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවවෝ වෙති.

සැකකරුවන් ඊයේ (සැප්. 17) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය, බලංගොඩ පොලිසිය, මිරිහාන පොලිසිය සහ මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.