නාවලපිටිය නගරාධිපතිට පහර දී ගිනි අවියක් සහ මුදල් කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

0
117

මැයි 9 වන දා තලංගම, කොස්වත්ත හන්දිය අසලදී නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර ගමන් කළ කැබ් රථයට, නගරාධිපතිවරයාට සහ රියැදුරුට පහර දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ මුදල් රුපියල් ලක්ෂ 5ක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තලවතුගොඩ ප්‍රදේශයේදී තිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (සැප්. 17) අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන දකුණු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තලංගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී පැහැරගත් පිස්තෝල අවිය සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.