පවුල් ආරවුල විසඳන්න මැදි වූ මාමා බෑණාගේ පොරෝ පහරින් මරුට

0
288

අකුරැස්ස, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 66ක් වන ඉඹුල්ගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මරණකරු සිය දියණිය සහ බෑණා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීම හේතුවෙන් මෙම ඝාතනය සිදු ව ඇති බව ය.

බෑණා පොරවකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (සැප්. 18) දින එම ස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.